දේශීය පුවත්

උතුරේ පුනරුත්තාපනය ලබන එල්.ටී.ටී.ඊ.සාමාජිකයින්ගේ  පුනරුත්තාපන වැඩසටහනට නායකත්වය දීම නිසා මහත් ප්‍රසිද්ධියක් ඉසිලූ කර්නල් රත්නප්‍රිය බන්ධු මහතා ද ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය සහාය පළ කරන බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු ඒකාබද්ධ අණදෙන නිලධාරී කර්නල් රත්නප්‍රිය බන්ධු මහතා කියා සිටියේ, මීට මාසයකට පමණ පෙර උතුරේ තරුණයින් පිරිසක් තමා මුණ ගැසීමට පැමිණි බවයි.

ඔවුන් ගෝඨාභය මහතාට මැතිවරණයට උදව් කිරීමට සුදානම් බවත් ඒ සඳහා තමාට ද සහභාගී වෙන ලෙස දන්වා සිටි බවත් පැවසු ඒ මහතා, තරුණයින්ගෙන් තමා මෙවැනි තීරණයක් ගැනීම ගැන ප්‍රශ්න කර සිටි බවත් කියා සිටියේය.

එහිදී ඔවුන් කියා සිටියේ, තමා විශ්‍රාම යන විට ඔවුන් තමා ඉල්ලු බවත් ඊටත් වඩා විශේෂ වන්නේ ඔවුන් කිසිවිටෙකත් වෙනම කිසිවක් නොඉල්ලු බවත් තමන් ඉල්ලුවේ බෞද්ධ සිංහල නායකයෙක් බවත් සඳහන් කළ බවයි.

එවැනි පොඩි දෙයක්වත් ලබා නොදුන් අය ඉදිරියේ දී අපට මොනවා දෙයිද යනුවෙන් තරුණයින් තමාගෙන් ප්‍රශ්න කර සිටි බවත් පැවසු ඒ මහතා, රටේ ස්වෛරීත්වයට ප්‍රශ්නයක් වන්නේ නම් එයට තීරණයක් ගත යුතු බවත් ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් පැවසීය.

2012 දී එවකට ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සිටි වර්තමාන ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව උතුරට හඳුන්වා දෙනු ලැබුවේ පුනරුත්තාපනය වු දෙමළ ජනතාව හා එල්.ටී.ටී.ඊ සංවිධානයේ නොසිටි තරුණ පිරිස්වලට රැකියා ලබා දීමට බවත් කියා සිටියේය.

4000 ක පිරිසක් උතුරෙන් බඳවා ගත් බවත් 2015 දී මේ සියලු බඳවා ගැනීම් අත්හිටුවන බවත් පැවසු රත්නප්‍රිය මහතා, මෙම ගැටළු ගෝඨාභය මහතාට ඉදිරිපත් කිරීමේ දී ලැබුණ පිළිතුර සාධනීය බවත් පැවසීය.

ඉදිරි අනාගතයේ දවස නැවත වතාවක් එතුමාගේ ජයග්‍රහණයෙන් පසුව උතුරේ තරුණ තරුණයින් නැවත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ඇතුළත් වෙන ආකාරය දැකිය හැකි බවත් ඒ මහතා මෙහිදී කියා සිටියේය.

එනිසා විශ්‍රාමික රණවිරුවන් වශයෙන්  ගෝඨාභය මහතාගේ ගමනට ලබා දිය හැකි ශක්තිය ලබා දීම බවද  ඔහු වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More