දේශීය පුවත්

ඌව පළාතේ හිටපු ප්‍රධානියෙක් ජනාධිපතිවරණ වේදිකාවේ තම අපේක්ෂකයා ප්‍රවර්ධනය කරනවා වෙනුවට ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් මනාප එකතු කිරීමේ සටනක නියැළෙන බව බදුල්ලේ ප්‍රාදේශීය දේශපාලකයෝ චෝදනා කරති.

ඔහු පෙරේදා (05 වැනිදා) ඇල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසකට තර්ජනය කර ඇත්තේ මෙවර ජනාධිපතිවරණයේදී තමන්ට බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වීමට මනාප ලබාදිය යුතු බවය.

‘‘දැන් ඉන්න සංවිධායකයා වයසයි. එයාට දැන් වැඩ කරන්න බෑ. ඒ නිසා මට මනාප දීපල්ලා’‘ යැයි තර්ජනාත්මක ලෙස පවසන බව මෙම ප්‍රාදේශීය දේශපාලකයෝ පවසති.

මෙවැනි නරුමයන් සමග දේශපාලනය කරනවාට වඩා හොඳයි දේශපාලනයෙන් ඉවත් වෙලා ඉන්න එක යැයි පවසා ඇති ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් මේ පිළිබඳ ශ්‍රීලනිප නායකත්වය දැනුවත් කිරීමටද තීරණය කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More