දේශීය පුවත්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයා වන ශාන් වික්‍රමසිංහ මහතාට අයත් TNL රූපවාහිනිය විසින් ඊයේ දිනයේ තම ප්‍රවෘත්ති විකාශය අතරතුර දී සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරමින් දැඩි විවේචනාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලදි.

එම රූපවාහිනී නාලිකාවේ අධ්‍යක්ෂ වරයෙක් වන ඉෂිනි වික්‍රමසිංහ විසින් නිකුත් කරන ලද නිවේදනයක් ප්‍රසිද්ධ කරමින් ඔවුන් මෙම වාර්තාව ඉදිරිපත් කළහ.

එමඟින් ඇය කියා සිටින්නේ තමන් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රවර්ධනය කිරීම තම පුද්ගලික කටයුත්තක් බවත් සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් තමාට ඇත්තේ අපකීර්තිමත් මතකයක් පමණක් බවත්ය.

එමෙන්ම රණසිංහ ප්‍රේමදාස යුගයේ සිදු වූ විවිධ නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් ඇය එමගින් පැහැදිලි කර තිබිණි.

සජිත් ප්‍රේමදාස මහතාගේ සහෝදරිය වන දුලාංජලී ප්‍රේමදාස විසින් සිදු කරන ලද ප්‍රකාශයක් මූලික කරගෙන ඇය මෙසේ විරෝධතා දක්වමින් නිවේදනය නිකුත් කර තිබූ අතර ටී.එන්.එල්. රූපවාහිනිය සැලකිය යුතු ගුවන් කාලයක් වෙන් කර එය විකාශණය කිරීමට කටයුතු කළේය.

TNL අධ්‍යයක්ෂිකා ඉෂිනි වික්‍රමසිංහ ගෙන් සජිත්ට සහ ඔහුගේ සහෝදරියට සැර පිලිතුරුරක්

Gepostet von Badumathama-බඩුමතමා am Mittwoch, 6. November 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More