දේශීය පුවත්

එදා ලෝකයේ පළමු තැනට තිබූ සිලෝන් ටී නාමය වත්මන් රජයෙ යටතේ කසළ තේ කවලම් කර අපනයනය කිරීම නිසා සිව් වැනි තැනට වැටී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පැවසීය.

කලවාන සහ බදුරලිය නගරවල ඊයේ (6වැනිදා ) පැවැති පොදුජන පෙරමුණේ ජන රැලිවලට සහභාගි වෙමින් ඔහු මේ බව පැවසීය.වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

“වත්මන් ආණ්ඩුව විදේශීය බලපෑම්වලට යටවෙලා. එන්.ජී.ඕ. කියන ආකාරයට අගමැති ඇතුළු ඇමැති මණ්ඩලය කටයුතු කරන්නේ.

අපි එදා ත්‍රස්තවාදය නැති කරපු වෙලාවේ ආරක්ෂක බුද්ධි අංශ හා විදේශීය බී.බී.සී. මාධ්‍ය ආයතනය කිව්වා කේ.පී. නමැති පුද්ගලයෙක් විදේශීය රටක සිට නැවත ත්‍රස්තවාදය ඉදිරියට ගෙන යනවා කියලා. අපි ඔහුව අපේ බුද්ධිඅංශ යොදවලා මේ රටට ගෙනැල්ලා පුනරුත්ථාපනය කරලා සමාජ ගත කළා.

නමුත් වත්මන් රජයට අපේ රටේ බුද්ධි අංශ සහ විදේශීය බුද්ධි අංශවලින් සියලු තොරතුරු ලබාදීලා තිබියදීත් පසුගියදා ඇතිවූ ප්‍රහාරය නවත්ව ගන්න බැරි වුණා. අපි අපගේ රජයක් යටතේ ජාතික ආරක්ෂාවට මුල් තැන දීලා රට වෙනුවෙන් වැඩ කරන අයව ආරක්ෂා කරන්න නීති මගින් කටයුතු කරනවා.

කිසිදු අන්තවාදී ත්‍රස්තවාදියකුට මාගේ රජයක් යටතේ මා හිස ඔසවීමට තබන්නේ නෑ. මහින්ද රාජපක්ෂ කාලයේ කෘෂි කර්මාන්තයට මුල් තැනක් දුන්නා. ඒ යටතේ අපි පොහොර සහනාධාර දුන්නා. නමුත් මේ රජය ඒ සියලු දේවල් කපා හැරියා. මා යළිත් වරක් කෘෂි කර්මාන්තයට මුල් තැනක් දෙමින් පොහොර නොමිලේ ලබාදීලා ගොවි ණය කපා හැරලා ගොවි රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීලා කෘෂි කර්මාන්තය ශක්තිමත් කරනවා.

නමුත් වත්මන් රජය කිසිදු දේශීය ආර්ථිකයකට මුල් තැනක් දුන්නේ නෑ. ඔවුන් කළේ විදේශීය රටවලට අත පාලා විදේශීය ගොවියා ශක්තිමත් කිරීම පමණයි.

මම මගේ රජයක් යටතේ කුඩා තේ වතු හිමියන්ට සියලුම පහසුකම් ලබාදීලා අලුත් වෙළෙඳපොළක් ඇති කරනවා. අලුත් තේ වර්ග සොයා ගෙන ගුණාත්මක තේ නිෂ්පාදනයක් ඇති කිරීමට මා කටයුතු කරනවා.

අද පිටරටින් රබර් ගෙන්වීම නිසා ඇපේ රටේ රබර් ගස් ගොවීන් උගුල්ලනවා. ගම්මිරිස් ගොවීන්ටත් එසේමයි. ලෝකයේ හොඳම ගම්මිරිස් තියෙන්නේ අපේ රටේ. ඉතිහාසයේ ඉඳන් විදේශිකයන් ගම්මිරිස් සොයා ආවේ අපේ රටට. මේ රජය බාල ගම්මිරිස් ආනයනය කර කවලම් කිරීම තුළින් ගම්මිරිස් මිල පහළ වැටිලා​. මේ රජය මෙවැනි කටයුතු කිරීම්වලින් අපේ රටට ලැබෙන්න තියෙන විදේශ විනිමය නැති කරලා දාලා තියෙන්නේ. ඒ නිසා මා ගම්මිරිස් ප්‍රතිඅපනයනය වහාම නවත්වලා දේශීය ගම්මිරිස් ගොවියාට හොඳ මිලක් ලබාදීමට කටයුතු කරනවා.

ඒ වාගේම තමයි ග්‍රාමීය සංවර්ධනය. අද අපේ ජනතාවගෙන් 70%ක්ම ඉන්නේ ගම්වල. ඒ නිසා ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් විශාල අවධානයක් අපි යොමු කරලා තියෙනවා.

අපි එදා කොළඹ නගරය වැනි නගර සංවර්ධනය කරලා ජනතා හිතකාමී නගර බවට පත් කළා. කොන්ක්‍රීට් නගර බවට නෙවෙයි හරිත නගර බවටයි අපි එදා ඒවා පත් කළේ. ජනතාවට ඇවිදින්න මංමාවත් විවේකීව ගත කරන්න උද්‍යාන ආදිය සාදමින් ජනතා හිතකාමී නගර බවට අපි ඒවා එදා පත් කළා.

ගාල්ල නුවර, යාපනේ වැනි නගරත් ඒ වගේම කුඩා නගරත් අපි සංවර්ධනය කිරීමට පටන් ගත්තා. ඔබ තමුන්නාන්සේලාගේ නායකතුමා ජානක වක්කුඹුර මැතිතුමා ඉල්ලුව පරිද කලාවන නගරයත් එවැනි ජාත්‍යන්තර නගරයක් බවට පත් කරනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More