දේශීය පුවත්

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසනයේ ප‍්‍රධාන සංවිධායිකාව ලෙස කටයුතු කරනු ලබන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වෙනුවට එහි වැඩ බැලීම සඳහා ගම්පහ දිස්ති‍්‍රක් නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලසන්ත අලගියවන්න මහතා පත් කර ඇත.

පක්ෂ තීන්දුවට පිටින් ගොස් ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය දීම සඳහා ගිවිසුමකට අත්සන් කිරීම සහ සුගතදාස කී‍්‍රඩාංගණයේ සමුළුවක් පැවැත්වීමටත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කටයුතු කිරීම පදනම් කර ගනිමින් පෙරේදා (5 දා) පැවැත්වූ පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ගත් ඒකමතික තීන්දුවක් මත මෙම තීරණය ගත් බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා පවසයි.

ඊට අමතරව එම සමුළුව සඳහා රත්නපුර සහ ගාල්ල දිස්ති‍්‍රක්කවල සංවිධායකවරුන් කිහිප දෙනකු සහභාගි වී ඇති බවත් එම ධුරවලට ද තාවකාලිකව වැඩ බැලීම සඳහා නව සංවිධායකවරුන් දිස්ති‍්‍රක් බල මණ්ඩලය හරහා තෝරා පත් කර ගැනීමේ බලය එම දිස්ති‍්‍රක්කවල නායකයන්ට පැවරූ බවත් වැඩබලන සභාපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරණය අවසන් වන තෙක් මැතිවරණ ව්‍යාපාරය සාර්ථකව කර ගෙන යෑම සඳහා මෙසේ වැඩබලන ආසන සංවිධායකවරුන් පත් කළ බවත් මැතිවරණය අවසන් වූ පසු සමුළුවලට සහභාගි වූ අයට විනය පරීක්ෂණ පවත්වා සංවිධායක ධුරවලින් ඉවත් කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව රැුස් කර අවසන් තීන්දුවක් ගන්නා බවත් වැඩබලන සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More