දේශීය පුවත්

ආන්දෝළනාත්මක MCC ගිවිසුම හැකි ඉක්මණින් අත්සන් කිරීමට ඇමෙරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන සිටින බවට පසුගිය දිනවල අතිශය කතාබහට ලක්විය.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් ඇමති මංගල සමරවීර ඇතුලු ශ්‍රී ලංකා රජයේ නිළධාරීන්ද ප්‍රකාශ කළේ ජනපතිවරණයට පෙර මෙම ගිවිසුම අත්සන් කරන බවයි.

ඒ හේතුව නිසා මෙරට වියතුන් කණ්ඩායමක් එක්වී ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයටත්, භූමී අයිතියටත් බලපෑම් කිරීම නවතන ලෙස ඉල්ලා අද උදෑසන ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයට සංදේශයක් භාර දුන්නා.

මහා සංඝ රත්නය, කතෝලික පූජකතුමන්ලා, ප්‍රවීණ ජීව විද්‍යා ගුරු තිස්ස ජනනායක ඇතුලු වියතුන් කණ්ඩායමක් මේ අවස්තාවට එක්වී සිටියා.

ඔවුන් මෙම සංදේශයෙන් ඉල්ලා ඇත්තේ මෙරට භුමී අයිතිය උදුරා ගැනීමටත්, ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට බලපෑම් කිරීම නවතන ලෙසටයි. සමස්ත ශ්‍රී ලාංකික ස්වදේශික ජනතාවම නියෝජනය කරමින් තමන් ඇතුලු කණ්ඩායම මෙම සංදේශය භාර දෙන බවට ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් ප්‍රකාශ කරන්නේ මෙම ගිවිසුම ශ්‍රී ලංකාවට ලබා දෙන ආධාරයක් බවත්, ශ්‍රී ලංකාව හැකි ඉක්මණින් MCC ගිවිසුම අත්සන් කළ යුතු බවටයි.

මෙම සංදේශය භාර දීමෙන් පසුව එම කණ්ඩායම ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයකද නිරත විය.

MCC ගිවිසුමට විරුද්ධව සාමකාමි උද්ඝොශණය

Gepostet von Protect Sri Lanka am Dienstag, 5. November 2019

MCC ඇත්ත – පක්ෂ පාට බේදයකින් තොරව සිහි බුදුධියෙන් අසන්න – තිස්ස ජනනායක

MCC ඇත්ත – පක්ෂ පාට බේදයකින් තොරව සිහි බුදුධියෙන් අසන්න – තිස්ස ජනනායක

Gepostet von Lanka Lead News am Mittwoch, 6. November 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More