දේශීය පුවත්

සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සියලු කරුණු තම පාලන කාලය තුළදීම ඉටු කරන බවට සහතික වන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ(05) කඩුගන්නාවේ පැවති ජනරැලියක් අමතමින්ය.

සාර්ථක දැක්මක් වැඩකරන රටක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර පවත්වන ජනරැලි මාලාවේ තවත් රැලියක් යටිනුවර ආසනය කේන්ද්‍ර කර ගනිමින් කඩුගන්නාව සුනිල් එස්.අබේසුන්දර ක්‍රීඩාංගනයේදී ඊයේ පැවැත්වුණි.

සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කෘෂිකාර්මාන්තය සහ වැවිලි කර්මාන්තය පිළිබඳව වැඩි අවදානයක් යොමු කර ඇති බව සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළේය.

විශාල විදේශ විනිමක් රටට ගෙන තේ, පොල්, රබර් යන වැවිලි බෝග සියල්ලම අද වන විට කඩා වැටී ඇති බව ඒ මහතා පැවසීය.

සිය ප්‍රතිපත්තිය යටතේ කෘෂිකර්මය ආරක්ෂා කරන වැඩපිළිවෙළක් යොදා ඇති බව ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටක් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More