දේශීය පුවත්

පාළු ගෙවල් වල වලං නොබිඳ මිලේනියම් චැලේන්ජ් ගිවිසුම පිළිබඳ තමා සමග ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස මංගල සහ චම්පික ඇමතිවරුන්ට අභියෝග කරන බව පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඨයේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගම්මන්පිල මහතා මේබව කියා සිටයේය.

මිලේනියම් චැලේන්ජ් ගිවිසුම තරම් මව්බිම දැවැන්ත පාවා දීමකට සැරසෙන ගිවිසුමක් ඉතිහාසයේ කවදාවත් තිබිලා නෑ. 1505 දී ගෙරි හම් කඩක ඉඩක් කඳවුරක් ඉදි කරන්න පෘතුගීසින්ට ලබා දීමේ ගිවිසුමට වඩා මේක භයානකයි. 1580 දී දොන් ජුවන් ධර්මපාල රජු විසින් කෝට්ටේ රාජ්‍යය පෘතුගීසින්ට පැවරීමට වඩා මේක භයානකයි. 1815 දී ඉංග්‍රිසින් එක්ක අත්සන් කළ උඩරට ගිවිසුමට වඩා මේක භයානකයි. නමුත් ඇමෙරිකාවේ කුණු ලොන්ඩරි බවට පත් වී ඇති මංගල සමරවීර ඇමතිතුමාත් පා ච රණවක ඇමතිතුමාත් මාධ්‍ය ඉදිරියේ මේ ගිවිසුම සාධාරණීකරණයට අසාර්ථක උත්සාහයක යෙදෙනවා. මංගල ඇමතිතුමා බටහිර ඉත්තෙක් ගැත්තෙක් කියන එක කවුරුත් දන්නවා. නමුත් පා ච රණවක ඇමතිතුමා ඇමෙරිකානු සීඅයිඒ ඒජන්තයෙක් කියන එක නම් අළුත් ප්‍රවෘත්තියක්.

මිලේනියම් චැලේන්ජ් ගිවිසුමක් මුලින්ම අත්සන් කලේ මැඩගස්කරයයි. ඒ 2005 දී. ලංකාවේ වගේම මැඩගස්කරයේත් ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් තිබුණා. ඒ ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙස රටේ වගා කළ හැකි ඉඩම් වලින් 50%ක් ඒ කියන්නේ හෙක්ටයාර මිලියන 1.3ක් කොරියානු සමගමකට බදු දෙන්න ආණ්ඩුව එකඟ වුණා. මේ ගිවිසුමට එරෙහිව රටේ මතු වුණු විරෝධය අන්තිමට අවසන් වුණේ කුමන්ත්‍රණයකින් ආණ්ඩුව පෙරලීමෙන්. අළුත් ආණ්ඩුව කොරියානු සමාගමට ඉඩම් දෙන්න බෑ කිව්වාම මිලේනියම් චැලේන්ජ් ගිවිසුම හකුලා ගෙන මැඩගස්කරයෙන් යන්න ඇමෙරිකාව තීරණය කළා.

ඇමෙරිකාවට ඉඩම් බදු දීමෙන් ලොකුම අමාරුවේ වැටුණු රට පැනමාවයි. පැනමා ඇල හදන්න ඇමෙරිකාවට ඉඩම් බදු දීලා පැනමාවේ පාලනය ඇමෙරිකාව අතට ගත්තා. ඊට විරුද්ධ වුණු එක ජනාධිපති කෙනෙක් මරලා දාන්නත් තවත් ජනාධිපති කෙනෙකු පැහැරගෙන ගිහින් ඇමෙරිකාවේ හිරේ දාන්නත් ඇමෙරිකාව පසුබට වුණේ නෑ. වීසි කළ නොහැකි කිසිවක් අල්ලාගනු එපා යැයි ඉංග්‍රීසි කියමනක් තියෙනවා. මේ රට ඇතුළට එන්න හදන්නේ ලෝකයේ බලගතුම රාජ්‍යයයි. එම රාජ්‍යය අපේ ඉඩම් අල්ලා ගත්තාට පස්සේ අප යන්න කිව්වත්, අපට ඔවුන් එළවා ගැනීමට අවශ්‍ය වුණත් අපට එළවා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඇමරිකානු සීඅයිඒ ඒජන්තයන් විදිහට මංගල සහ චම්පික මේ ගිවිසුමට පක්ෂ වීම තේරුම් ගන්න පුළුවන්. ඔවුන් හදන්න බෑ. ඔවුන් වැඩ කරන්නේ ඩොලර් කුට්ටි වලට. නොදන්නා කමට පක්ෂ වන අය ඉන්නවා නම් ඇමෙරිකාව සමග ඉඩම් ගිවිසුම් ගහලා පැනමාවට සහ මැඩගස්කරයට මොකද වුණේ කියලා සොයා බලන්න කියා අපි ඉල්ලා සිටිනවා.

ඒ අයනම් කියන්නේ මේ ගිවිසුම පිළිබඳ අපි මවන්නේ බොරු බිල්ලෝලු. ජනපතිවරණයේ දී දේශපාලන වාසි ගන්න හදනවාලු. අපි ස්ටොප් යූඑස්ඒ සංවිධානය ගොඩ නගලා මේ ගිවිසුමට විරුද්ධ වුණේ අවුරුද්දකට තරම් කලින්. එතකොට මැතිවරණයක් තිබුණේ නෑ. හරි. අපි දේශපාලන වාසි ගන්න හදනවා කියමුකො. කිසිම දේශපාලන පක්ෂයක් එක්ක සම්බන්ධයක් නැති කිසිම දවසක දේශපාලනයට ඇවිත් නැති පූජනීය උඩුදුම්බර කස්සප හාමුදුරුවන් මාරාන්තික උපවාසයකට වාඩි වෙන්නේ ඇයි? මේ රටට ආදරය කරන කිසිම කෙනෙකුට මේ පාවා දීම ඉදිරියේ ඇස් කන් පියාගෙන බලා ඉන්න බැරි නිසා.

ඉදිරියේදී රටට ආදරය කරන හැමෝම පුජනීය උඩුදුම්බර කස්සප ස්වාමින්වහන්සේගේ පිටුපසින් සිටගෙන මේ ගිවිසුම අහෝසි කරන තෙක් සටන් කරාවි කියලා විශ්වාසය අපට තියෙනවා.

මංගල චම්පික ඇමතිවරුන් රෙදි ගලවා ගෙන ඇමෙරිකාවට කඩේ යමින් බොරු වපුරනවා. ඒ නිසා පාළු ගෙවල් වල වලං බිඳින්නේ නැතුව මිලේනියම් චැලේන්ජ් ගිවිසුම පිළිබඳ මාත් එක්ක ප්‍රසිද්ධ විවාදයකට එන්න කියා මංගල සහ චම්පික ඇමතිවරුන්ට අභියෝග කරනවා. බොරු හේතු ඉදිරිපත් නොකර අවංකවම මේ ගිවිසුමක් හොඳ යැයි ඔවුන් සිතනවා නම් ඔවුන් මේ විවාදයට පැමිණේ යැයි අප සිතනවා.

– අරවින්ද අතුකෝරල



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More