දේශීය පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ පරිසර ප්‍රඥප්තිය සමාජ ගත කිරීමේ උත්සවය පසුගියදා ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා. ජනපති අපේක්ෂකවරයෙක් විසින් පරිසර ප්‍රතිපත්තියක් ඉදිරිපත් කල පළමු අවස්ථාව මෙය වන අතර පරිසර හිතවාදියෙක් ලෙස සජිත් ප්‍රේමදාසගේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉදිරි වැඩකටයුතු සඳහා සහය දැක්වීමට දෙස් විදෙස් ප්‍රවීණ පරිසරවේදීන් පිරිසක් අත්වැල් බැඳගෙන සිටිනවා.

තිරසාර පාරිසරික සංවර්ධනය මෙම ප්‍රතිපත්තියේ කේන්ද්‍රීය අරමුණ බවට පත්වන අතර ආර්ථික වර්ධනයට සහ යැපීම සඳහා අත්‍යවශ්‍ය වන තීරණාත්මක පාරිසරික පද්ධති සහ සම්පත් ආරක්ෂා කිරීමට හා සංරක්ෂණය කිරීම මඟින් සංවර්ධන ක්‍රියාදාමය සැබෑ ලෙසම තිරසාර කිරීමට ඔවුන් බලාපොරොත්තු වනවා.

මෙම පරිසර ප්‍රඥප්තිය යටතේ අලි මිනිස් ගැටුම අවම කිරීම උදෙසා පුළුල් පස් අවුරුදු වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවෙන අතර සංරක්ෂණ මිනුම්වල ඵලදායි බව සහතික කිරීමට කොටියන් පිළිබඳ පර්යේෂණ හා සංරක්ෂණය කිරීම සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ මුහුදු ප්‍රදේශ වල සිටින නිල් තල්මසුන් සංරක්ෂණය කිරීමේ පුළුල් ව්‍යාපෘතියක් දීප ව්‍යාප්තව සිදු කිරීම මඟින් තිරසාර පාරිසරික සංවර්ධනයක් ඇති කිරීම සජිත් ප්‍රේමදාස මහතාගේ අභිප්‍රායයි.

පාරිසරික සංරක්ෂණය, දේශගුණික විපර්යාස වෙත අනුවර්තය වීමේ හා දේශගුණික බලපෑම් අවම කිරීමේ සැලසුම් මෙන්ම උපායමාර්ග සකස් කිරීමට විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනයට ප්‍රමුඛතාවය ලබා දීම මඟින් රජයේ ඉහල කැපවීම සනිටුහන් කිරීමට ඔවුන් සුදානම්ව සිටිනවා.

ප්‍රාදේශීය ප්‍රජාවට ආර්ථික සහයක් ලබා දීමේ අරමුණින් වනජීවී හා පරිසර පද්ධති සංරක්ෂණය සඳහා වනජීවී සංචාරක කර්මාන්ත හදුන්වාදීමටත් නියමිතයි.සතුන්ට එරෙහි කෘරත්වය වැලැක්වීම සඳහා වන නීති ශක්තිමත් කිරීම තුලින් සත්ව ප්‍රජාව ආරක්ෂා කිරීම රජයක ප්‍රධාන අරමුණක් වන බව මෙම පරිසර ප්‍රඥප්තියෙන් මනාව පැහැදිලි වනවා.

සොබාදහමේ සුන්දරත්වය ආරක්ෂා කිරීමට විශාල තර්ජනයක් වී ඇති ප්ලාස්ටික් පරිභෝජනය අවම කිරීමේ පියවරයන් මෙන්ම නාගරික කසල කළමණාකරනය පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.ප්‍රඥප්තියට අනුව ග්ලයිෆොසෙට් භාවිතයෙන් ඉවත් කිරීමේ සැලසුමක් හදුන්වා දීමෙන් පාරිසරික සංරක්ෂණය තිරසාර සංවර්ධනයකට ලඟා වීම නිසැකවම වනු ඇත.

පරිසරයේ පෙනහළු ලෙස සැලකෙන වනාන්තර වෙනුවෙන් විශේෂ වන සංරක්ෂණ ව්‍යාපෘතියක් හා වන වගාව සඳහා පුළුල් වැඩසටහනක් දියත් කිරීමට නියමිතයි. රටෙහි සංවර්ධනය සැබෑ වශයෙන්ම සනාථ කිරීම උදෙසා පාරිසරික සංරක්ෂණය වැදගත් සන්ධිස්ථානයක් බව මෙම පාරිසරික ප්‍රඥප්තියෙන් මනාවට පිළිඹිබු වනවා



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More