දේශීය පුවත්

පූජ්‍ය උඩදුම්බර කාශ්‍යප හිමියන් අද(05) පෙරවරුවේ ආරම්භ කළ මාරාන්තික උපවාසය මීට සුළු මොහොතකට පෙර  නතර කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබාදුන් ලිඛිත පොරොන්දුවක් මත මෙම උපවාසය නතර කිරීමට තීරණය කළ අතර  මෙම ගිවිසුම ජනාධිපතිවරණයට පෙර අත්සන් කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත් ඉන් පසුව සියලු පාර්ශවයන්ගේ අදහස් විමසීමෙන් පසුව ඒසදහා අවශ්‍ය කටයුතු සිදු කරන බවත් එම ලිපිය මගින් දන්වා ඇත.

තිස්ස අත්තනායක මහතා විසින් මෙම ලිපිය රැගෙන ආ අතර ජනාධිපති අපේක්ෂක සජිත්ප්‍රේමදාස මහතාද ලිපියක් යොමු කරමින් පෙන්වාදී ඇත්තේ රටට අහිතකර කිසිදු ගිවිසුමකට අත්සන්කිරීමට ඉඩ නොතබන බවත් මෙම ගිවිසුම 16 දිනට පෙර අත්සන් කිරීමේ අදහසක් ආණ්ඩුවට නොමැති බවත්ය.

ඒ අතර ශ්‍රී ලංකාව තුළ මේ අවස්ථාවේ ඇමෙරිකන් විරෝධයක් ඇති නොවන ආකාරයට කටයුතු කරන ලෙසත් මෙම ගිවිසුම අත්සන් කිරිමට කල් ගන්නා ලෙසත් ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරින් දන්වා ඇති බව චරිත හේරත් මහතා විසින් අගමැති කාර්යාලයේදී කළ ප්‍රකාශයකින් තහවුරු වී ඇත.

ඒ අනුව මෙම ගිවිසුම අත්සන් කිරීම පමා කිරීමට ගත් තීන්දුව ඇමෙරිකාව සමග එකගතාවයෙන් ගත් තීරණයක් බව පැහැදිලි වන බව දේශපාලන විචාරකයෝ පවසති.

 



2 thoughts on “උඩුදුම්බර කාශ්‍යප හිමියන්ගේ අධිෂ්ඨාන බලය හමුවේ අගමැති දණ ගසයි”

  1. මේ අවස්ථාවේ ඇමෙරිකන් විරෝධයක් ඇති නොවන ආකාරයට කටයුතු කරන ලෙසත් …..

    මේ අවස්තාව තමයි ඇමරිකාව සහ බටහිර රටවල මුළු ලංකාවම ක්‍රමයෙන් ගිලගන්න, යටිකූට්ටු කුමන්ත්රණ ජනතාවට, විශේෂයන් දමිල ජනතාවට හෙළි කරන්න ඕන අවස්තාව.

    මීට ටික දිනකට කලින් ඇමරිකානු තානාපති කාර්යාලය ලංකාවේ ජනතාව නොමග යන ප්‍රකාශයක් කළා.

    ඒ තමයි “ගිවිසුම අත්සන් කලාට පසු එය ලංකාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට ඇමරිකානු තානාපති කාර්යාලය බලාපොරොත්තු වෙන ” බව.
    දැන් පැහැදිලියි ගිවිසුම අත්සන් කලාට පස්සේ ලංකා ආණ්ඩුව ඒ සදහා බැදී ඉවර බවත්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් කරන්නේ ඒ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය වන පසුතලය නීතිමය වශයෙන් නිර්මාණය කිරීම බවත් කියලා. මේ අනුව ප්‍රජාතන්ත්‍ර විරෝදී ලෙස බොරු ප්‍රකාශයක් කිරීමෙන්ම , මෙම ගිවිසුමේ යටි අරමුණ වී තියන ලංකාව සමාජ , දේසපාලන සහ ආර්ථික වශයෙන් භයානක ආගාධයකට ඇද දමන කූට උපක්‍රමය ගැන හොදින් පැහැදිලි වෙනවා.
    *****ඒ අනුව ඇමරිකානු තානාපති කාර්යාලය හෝ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ලිකිතව ප්‍රකාශයක් නිකුත් කල යුතුයි මේ ගිවිසුමට ලංකාව අත්සන් තබලා නැහැයි කියලා.******

    ඒ වගේම ලංකාවේ ශ්‍රේස්ටාධිකරණය මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති පැමිනිල්ල වහාම විභාගයට ගෙන, මැතිවරණයක් අභියස භාරකාරතත්වයක් පමණක් ඇති ආණ්ඩුවකට මෙවැන්නක් අත්සන් කිරිරීමට නොහැකි වන ලෙස තීන්දුවක් දිය යුතුයි. එලෙසම මෙම තීන්දුවට, මුදල් අමාත්‍යංශයට ලංකාවේ ඉඩම් අනපනත් සම්බන්ධයෙන් ගිවිසුම් වලට එලබීමට ඇති නොහැකියාව සහ මීට අදාළ තවත් එවැනි නොහැකියාවන් සම්බන්ධ කරුණු ඇතොත් ඒවාද ඇතුලත් කල යුතුයි.
    මේ නීතිමය ක්‍රියාමාර්ගයට වහ වහා අවතීර්ණ නොවුනොත් අපට ජනාධිපතිවරණය තෙක්ම මේ ගිවිසුම “හොරෙන් අත්සන් කලාද , කරන්න යනවද” කියන විචිකිච්චාවෙන් ඉන්න වෙනවා.
    නැතිනම් දවසක තවත් උඩුදුම්බර කාශ්‍යප හාමුදුරු කෙනෙකුට අර වියට්නාම් යුද්දෙදි හාමුදුරු කෙනෙක් ගිනි තියාගන මරුන වගේ (self immolation) දෙයක් කරන්න වෙනවා.

    මේ සම්බන්ධයෙන් ජවිපෙ ටිල්වින් සිල්වා කල “ඇල්මරුන” ප්‍රකාශයත් සදහන් කරන්න කැමතියි.
    ඔහුට අනුව මේ ගිවිසුම “රටට හිතකර නම් ආණ්ඩුව කලබල වෙන්න දෙයක් නෑ. කොළේ වහල කරන්න යන එක තමයි සැක සහිත” !
    අපි ඔහුගෙන් අහන්න කැමතියි සැක සහිත වෙන්නේ “කොළේ වහල කරන්න යන එක නිසා විතරක්මද?” කියල. එලියට දමා ඇති අසම්පුර්ණ ගිවිසුම කෙසේ වෙතත් එහි අන්තර්ගතය ගැන ජනාධිපති යටතේ ඇති ආර්ථික සබාව කර ඇති විමර්ශනය වත් ඒ අය කියවලා නැද්ද?

    රට උතුරු- දකුණු ලංකාවල් කියල දෙකඩ කරවන, ජනතාවට කන්න බෝග වගා කරන්න තියන , ඒ වගේම පානීය භූගත ජලය ආරක්ෂා කරන පාරිසරික පද්දති සහිත ඉඩම් විදේශ වල කොන්ක්‍රීට් වනාන්තර බවට පත්කරලා, ලංකාවේ ජනතාවට කෑම විතරක් නෙවෙයි බීම සදහා ජලයත් පිටරටින් ආනයනය කරන තත්වයකට පත්කරවන , ඒ වෙගේම එම ගිවිසුම් ක්‍රියාත්මක වන ප්‍රදේශ වල ජනතාව ඉඩම් අහිමි විදේශ කර්මාන්තශාලා හාම්පුතුන්ගේ වහලුන් බවට පත්කරවන හැටි මේ ගිවිසුම සහ ඇක්සා , සෝෆා ගිවිසුම් තුල අන්තර්ගතවෙලා තියන හැටි මේ “දේශප්‍රේමීන්ට” පේන්නේ නැත්තේ ඔවුන් සැමවිටම ජනතාවගේ පීඩාව තුලින් තමන්ගේ දේශපාලනය කර ගන්නා “දුප්පත් කම විකුණන් කන” බංකොලොත් ප්‍රතිපත්ති ඇති පක්ෂයක් නිසාද? (මෙතෙන්දි මතක් වෙනවා අනුර කුමාර විසින් ගෝටාබයගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති “සුළු සහ මධ්‍ය පරිමාන වියවසායකයන් ඇති කරනවා ” කියන වගන්තිය කොපි කරන අතරම එය හෑල්ලුවටටද ලක් කරමින් ජවිපෙ ජන්ද රැස්වීමකදී සුළු සහ මධ්‍ය පරිමාන වියවසායක “උන්මාදයක්” ඇති කරනවා කියපු හැටි !)

    පාටලී චම්පික අහනවා “කොහේ තියන ඉඩම් බැංකුද ” කියලා. ඔහුගේ මොලේ ගැන නම් කියන්න තියෙන්නේ අර අරුවක්කාලු කසල අංගනය පිපිරුණ පසු ඒ ප්‍රදේශයේ හාමුදුරු කෙනෙක් කියපු අපුරු “අමුඩ කතාව”යි. ඔය කසල අංගනය ඉදි කරන කොට එයාට මතක්වෙලා නැහැ එයා මුක්කු ගහන UNP එකේ පලාත් සභා වලට ඉඩම් බලතල පවරා දෙන යෝජනාව ක්‍රියාත්මක වුනොත් අරුවක්කාලු අයත් වන පලාත් සභාවට එම කසල අංගනය වසා දමන්න අයිතියක් තියනවා කියල! එතකොට කොලබ කුණු කොහාටද? කුණු ප්‍රශ්නයේ “හේතුවට ” විසදුම් නොදී එහි අවසාන “ප්‍රතිපලයට ” විසදුම් යොදන “විද්‍යාත්මක විසදුමක්” ඉදිරිපත් කරපු කෙනෙක් එයා!
    ඒවගේම අපට මතකයි මාස ගණනාවකට උඩදී කොලබ පැවැත්වූ ප්‍රදර්ශනයකදී පාටලී චම්පික කියනවා “දැන් සිංහයන්ට, රාජාලියන් එක්ක එකට පියාබන්න කාලය ඇවිත්” කියල ! ( රාජාලිය කියන්නේ ඇමරිකාවේ රාජ්‍ය ලාන්ජනයේ පක්ෂියා බව හැමෝම දන්නවා ). මෙයා මේ ව්‍යංගයෙන් සහයෝගය දුන්නේ සෝෆා, ඇක්සා , එම්. සි. සි ගිවිසුම් වලට නෙවෙයිද?
    ඒකෙන්ම එයාගේ විදේශ ගැති, නිවට නියාලු ආත්මාර්ථකාමී, බලලෝභී ප්‍රතිපත්තිය අදුන ගන්න පුළුවන්.

    “රාජාලියත්” එක්ක ඉගිල්ලෙන්න ගිය “අරාබි වසන්ත” රටවලට වෙලා තියන වින්නැහිය ඇස් පනාපිටම පේන්න තියනවා.
    ඔය එම්. සි. සි ගිවිසුම ගහපු අප්‍රිකානු රටවලට වෙලා තියන අර්බුදත් එලිවේවි හොයා බැලුවොත්.

    සිංහයා “රාජාලියත්” එක්ක ඉගිල්ලෙන්න ගියොත් පස්ස බිම ඇන ගන්නවා විතරක් නෙවෙයි “නැවත නොනැගිටින සිංහයෙක්” වෙනවා නම් සහතිකයි!

  2. ඕකුං කොටි එක්ක ගිවිසුම් ගැහැව්වේ පාර්ලිමේන්තුවට දානවා කියල.
    ඕකුං හම්දන්තොට විකුණුවේ පර්ලිමේන්තුවට දානවා කියල.
    ඒ දෙකම පර්ලිමේන්තුවට නොදා රටට නොකියා විරෝදය නොසලකා හොරෙන් අත්සන්කරලා.
    මේක ගැන මුන් විශ්වාස කරනවානම් ඌ හරකෙක්.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More