දේශීය පුවත්

තමන් කිසිදු වෛරී දේශපාලනයක් සිදුනොකරන බවත්, තමන්ට රාජපක්ෂලා සමග ඇත්තේ ලොකු තරහක් බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පැවසුවාය.

කොළඹ  සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ අද(05)  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය  සංවිධානය කළ ‘අපි ශ්‍රී ලංකා සමුළුව‘ විශේෂ සම්මන්ත්‍රණයේදී හිටපු ජනාධිපතිනිය මේ බව කියා සිටියාය.

මෙහිදී පැමිණි සිටි පිරිස ඇමතු හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ වැඩිදුරටත් ප්‍රකාශ කළේ

රාජපක්ෂලා මේ රටට සහ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් සිදුකරනු ලැබූ දේවල් හා තමන්ට එරෙහිව සිදුකළ දේවල් නිසාවෙන් ලොකු තරහක් පවතින බවත්, තමන්ට ලබාදී තිබු ආරක්ෂාව ඉවත් කිරීමට රාජපක්ෂ ආණ්ඩුව කටයුතු සිදුකළ බවත්මෙ ඇය මෙහිදී කියා සිටියේ. තමන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම වෙනුවෙන් කතා කළේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු පමණක් බවද ඇය කියා සිටියේය.

මෙම සමුළුව සඳහා සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම, අමාත්‍ය අර්ජුණ රණතුංග, රාජිත සේනාරත්න, මංගල සමරවීර, මනෝ ගනේෂන් සහ හිටපු අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්න ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More