විදේශ පුවත්

හොංකොං පාලිකා කැරී ලෑම් පිළිබදව ඉහළ විශ්වාසයක් පවතින බව චීන ජනාධිපති ෂී ජින්පින් පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණේ පසුගියදා හොංකොං හි පැවති විරෝධතා හේතුවෙන් කැරී ලෑම් එම තනතුරෙන් ඉවත් කිරීමේ තීන්දුවක් ගත් බවට වාර්තා පළවී තිබුණු පසුබිමකයි.

අපරාධවලට සම්බන්ධ සැකකරුවන් නීතිමය කටයුතු සදහා චීනය වෙත යැවීමට හැකිවන සේ උදර්පණ නීතිය සංශෝධනය කිරීමට ගෙන ආ කෙටුම්පතට එරෙහිව පසුගිය කාලය පුරා හොංකොංහි විරෝධතා මාලාවක් පැවැත්විය.

මේ වනවිට අදාල කෙටුම්පත මුළුමනින්ම ඉවත් කර ගෙන තිබුණත් එම විරෝධතා තවමත් අවසන්ව නැහැ.

විරෝධතා අතරතුර ඇතිව ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබද ස්වාධීන පරීක්ෂණයක් සහ රට තුළ ප්‍රාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණයක් සිදුකරන ලෙස ඉල්ලමින් අඛණ්ඩව විරෝධතා දිගින් දිගටම ක්‍රියාත්මකයි

මේ අතර හොංකොං නායිකා කැරී ලෑම්ට සිය පූර්ණ සහයෝගය ලබා දෙන බවට චීන ජනාධිපතිවරයා ප්‍රකාශයක් කර තිබුණි.

ඒ ෂැංහයි නුවරදී කැරී ලෑම් හමුවූ අවස්ථාවකදීයි.

එහිදී තව දුරටත් අදහස් දැක් වු ජනාධිපතිවරයා ගැටුම් පාලනයට හොංකොං නායිකාව ගත් උත්සාහය තමන් අගය කරන බවද ප්‍රකාශ කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More