අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අඩියක් පසුපසට ගෙන වත්මන් ජාතික ආණ්ඩුව ගෙනයාමට අවශ්‍ය වාතාවරණය සලසන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් ඉල්ලීමක් කීරීමත් සමගම මේ අවස්ථාවේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බව වාර්තා වේ.
අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාහ කළේ අග්‍රාමාත්‍යවරයා මේ අවස්ථාවේ අඩි දෙකක් පස්සට ගතයුතු බවයි.
නව අග්‍රාමාත්‍යවරයෙකු පක්ෂයෙන් තෝරාගැනීම සඳහා මේ අවස්ථාවේ දීපියවර ගතයුතු බව ඔහු යෝජනා කර ඇත. මේ සමගම සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙම යෝජනාවට එරෙහිවී ඇත.
ඔහු ප්‍රකාශ කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අග්‍රාමාත්‍යධුරයේ සිටිය යුතු බවයි. මෙම මත ගැටුම සඳහා දෙපාර්ශවය වෙනුවෙන් තවත් අය අදහස් දැක්වීම නිසා මේ වන විට මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...