දේශීය පුවත්

තමා බලයට පත්වූ පසු රටට අහිතකර සියලු ගිවිසුම් අහෝසි කරන බවත් එවැනි කිසිදු ගිවිසුමකට අත්සන් තැබීමට ඉඩ නොතබන බවත් පවසා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා උපවාසයේ නිරත උඩුදුම්බර කාශ්‍යප හිමියන්ට ලිපියක් යොමු කර තිබේ.

මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් එම ලිපිය කාශ්‍යප හිමියන් අතට පත් කළ අතර ඒ මොහොතේ උන්වහන්සේ පවසා සිටියේ පවතින ආණ්ඩුව තව දින දහයක පමණ කාලයක් බලයේ සිටින බවත් එම කාලය තුළ යෝජිත ගිවිසුම අත්සන් කිරීමට ඉඩ ඇති බැවින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන් වෙත ලිඛිත පොරොන්දුවක් ලබා දිය යුතු බවය.

අද පෙරවරුවේ කාශ්‍යප හිමියන් උපවාසය ආරම්භ කළ අතර දහවල් දානය ද ප්‍රතික්ෂේප කර තිබුණි. මේ මොහොත වන විටත් භික්ෂූන්වහන්සේලා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් එම ස්ථානයේ රැඳී සිටින බවද වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More