මුහුණු පොතෙන්

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයේ ඉදිරියෙන්ම සිටි කථිකයෙකු ලෙස සැලකෙන්නේ ඇමැති හරීන් ප්‍රනාන්දුය.

මේ වන විට ඔහු ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතුවලින් දැඩි ලෙස පසු බා නිශ්ක්‍රීයව සිටින බව ආරංචිමාර්ග සඳහන් කරයි.

එයට හේතුව ලෙස සැලකෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය තමන්ට ලබාදෙන ලෙස හරීන් ප්‍රනාන්දු මහතා විසින් සජිත්ගෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බව ආරංචිමාර්ග සඳහන් කරයි.

ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීම සඳහා වැඩිපුරම තමන් ක්‍රියාකළ බැවින් නියෝජ්‍ය නායකත්වය හිමි යුත්තේ තමන්ට බවද හරීන් ප්‍රනාන්දු මහතා ඉල්ලා ඇත.

සජිත් ප්‍රේමදාස මහතා දන්වා ඇත්තේ එවැන්නක් මේ අවස්ථාවේදී කළ නොහැකි බැවින් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ඊට ලබා ගැනීමට නොහැකි බව වන අතර ජනාධිපතිවරණය හා මහ මැතිවරණය අවසන් වන තෙක් ඉවසා සිටින ලෙස ඔහුට පවසා ඇත.

Aruna



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More