දේශීය පුවත්

යුද්ධයෙන් තුන් කාලයක් ඉවර කළේ තමන් බවත් අවසන් කිරීමට තිබුණේ තවත් කාලයක කොටසක් බවත් හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවැසුවාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය විසින් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති රැස්වීමේදී ඇය මේ බව සඳහන් කළාය.

“අපේ පක්ෂය කීතු කීතු කළා. අනුශාසක වුණත් මාව පක්ෂයේ කිසිම දෙයකට සම්බනධ කර ගන්නේ නෑ.

පක්ෂයේ සියයට 95ක් කිව්වේ ඉන්න සභාපති මෙවර ජනපතිවරණයට ඉදිරිපත් විය යුතුයි කියලා.

සමස්ත ලංකා කාරක සභාවේ බහුතරයක් කියපු දේ පිළිගන්නේ නැතිව පක්ෂයේ ලේකම් ඇතුළු කිහිප දෙනෙක් පොහොට්ටුවට එකතු වුණා.

අනං මනං වැඩක් නෑ පක්ෂය රට ආරක්ෂා කරන්න ඕන.

මගේ අදහස නම් මෙවැනි අවස්ථාවකදී පුද්ගලයෝ කවුද කියලා හිතන්නේ නැතිව ප්‍රතිපත්තිය ගැන සිතිය යුතුයි.

2015දී මම තීරණය ගත්තෙන් ඒ ආකාරයෙන්. ඒ තීන්දුවට ආවේ රට හදන්න පුළුවන් කියන තීන්දුව උඩයි.

අද ප්‍රධාන අපෙක්ෂකයන් දෙන්නයි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයා හා පොහොට්ටුවේ අපේක්ෂකයා.

ඔවුන් දෙදෙනාගේම මැතිවරණ ප්‍රකාශන බැලුවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කතාවල ලස්සන කතා තිබෙනවා.

මිනිස්සුන්ට නිදහස දෙනවලු, මට නම් බක බක ගාලා හිනා ගියා. තව මොනද කරනවලු. අවුරුදු 9ක් හිටපු වෙලාවේ දුප්පත් ජනතාව වෙනුවෙන් අනුගමනය කළ ප්‍රතිපත්ති මොනවද?

මහා විශාල ලෙස යුද්ධය කරපු මගේ ආණ්ඩුව යටතේ රාජ්‍ය සේවක පඩිය මම පස් ගුණයකින් වැඩි කළා.

මම යුද්ධයෙන් තුන් කාලයක් ඉවර කළා. යුද්ධය කළේ මම ගෙන්වපු ආයුධ තුළින්.

දූෂණය පිටු දකිනවලු. ශතවර්ශයේ ලොකුම විහිලුව. මුළු ලෝකයේම වැඩිම මිලට හදපු පාරවල් හැදුවේ රාජපක්ෂ ආණ්ඩුව.

වෙන මොනවද කළේ. වාරිමාර්ග දියුණු කළාද, අධ්‍යාපනය දියුණු කළාද?

රාජපක්ෂ යුගයේ තමයි තරුණ දරුවන් අතර මන්දපෝෂණය වැඩිවුණේ.

මම ගෝඨාභය රාජපක්ෂගෙන් අහන්න කැමතියි මිනිසුන්ගේ නිදහස තහවුරු කරන්නේ කොහොමද කියලා.

මාධ්‍යවේදීන් මරා දමනවද නැත්ද? අනිත් අපේක්ෂක තුමාගේ වැඩපිළිවෙළ මම දැක්කා ඉතාමත් සාර්ථක වැඩපිළිවෙළක් තිබෙනවා.

මේ රජය සමයේ සෞඛ්‍ය විශාල ලෙස දියුණු කළා. අධ්‍යාපනයේ විශාල වැඩ කොටසක් කළා. මමත් හීන් සැරේ උදව් කළා.

ආර්ථිකය විශාල වශයෙන් ශක්තිමත් කළා. තවත් කර ගන්න බැරි වෙලා තිබෙනවා. එහෙම තියෙද්දීත් පඩි වැඩි කළා.

අපි අත්තනගල්ලේ අලුත් වැව් හතරක් හැදුවා. රජයෙන් මේවයි කළේ කියලා ජනතාවට කියන්න දන්නේ නෑ. මේ රජයේ මාධ්‍ය පවුල්වලින් ආපු නායකයෝ ඉන්නවා ඒත් ඒ දේ කරන්න දන්නේ නෑ.

කියලා තියෙන දේවල් වෙන්න පුළුවන්. හැබැයි මට සහතික වෙන්න බෑ. එක්කෙනෙකුට සහතික වෙලා මම ගුටිකෑවා.

පක්ෂය නීත්‍යානුකූලවම තවමත් පොහොට්ටුවට එක් වෙන්න තීන්දුවක් නෑ. නීති විරෝධී ලෙස පොහොට්ටුවේ එල්ලුනා.

හත්වතාවක් පක්ෂය මාරුකරපු ලේකම් කියනවා අපිව අස් කරනවලු. පක්ෂයේ ව්‍යවස්ථාව අනුව අස් කරන්නත් අවුරුද්දක් විතර යනවා.

නිදහස් පක්ෂය ආරක්ෂා කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පක්ෂයට එක්වෙලාලු. තුන් වතාවක් රාජපක්ෂ මැතිතුමා පක්ෂය විනාශ කරන්න හැදුවා. අපි ඒවා වැළැක්වූවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More