දේශීය පුවත්

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කිරීමත් සමගම එම පක්ෂයේ මන්ත්‍රීවරු උතුරේ ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන් මේ දිනවල ආරම්භ කොට තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ එම්.එ.සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් මන්නාරමේ පෞද්ගලික හෝටලයකදී මන්නාරමේ ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින් හා ප්‍රාදේශීය දේශපාලනඥයින් දැනුවත් කිරීමේ වැඩ සටහනක් ඊයේ  (04) පැවැත්වුණි.

දෙමළ ජාතික සන්ධානයේ මන්නාරම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා විසින් මේ සාකච්ඡාව සංවිධානය කොට තිබූ අතර ඒ සඳහා පළාතේ නීතිඥයින් වෛද්‍යවරුන් ඇතුළු  තවත් පිරිසක්ද සහභාගී වී සිටි අතර එහිදී ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය විසින් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීමට හේතු හා සිදුවන ප්‍රතිඵලයන් පිළිබඳ දැනුවත් කරන ලදි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More