දේශීය පුවත්

ඡන්ද විමසීම අවසන්වන තෙක් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කිසිදු ප‍්‍රකාශයක් නොකිරීමට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර වීරකුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා ජනාධිපති අපේක්‍ෂකයන් සම්බන්ධයෙන් හෙට හෝ අනිද්දා විශේෂ ප‍්‍රකාශයක් කරන බවට රට පුරා විශාල බොරු ප‍්‍රචාරයක් ගෙන යෑමට මේ වන විට එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයා දිනවීමට කටයුතු කරන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය, රවුෆ් හකීම් සහ සම්පන්ධන් ඇතුළු පිරිස කි‍්‍රයා කරමින් සිටින බවත් ඔහු කීවේය. එම අසත්‍ය ප‍්‍රචාරයට නොරැුවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද දිසානායක මහතා ඊයේ (4 දා) පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් සඳහන් කළේය.

ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහයෝගය ලබා දීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය තීරණය කරනු ලැබුවේ ජනාධිපතිවරයාගේ පූර්ණ ආශීර්වාදය මත බවත් ජනාධිපතිවරයා ගත් එම තීරණය කිසි විටෙකත් වෙනස් නොවන බවත් කී වීරකුමාර මහතා එම නිසා මැතිවරණය සම්බන්ධයෙන් කිසිවකු පිළිබඳව කිසිදු ප‍්‍රකාශයක් නොකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවත් කීවේය.

ජනමතය ප‍්‍රතික්‍ෂේප කළ චන්ද්‍රිකා මහත්මිය සහ සම්පන්ධන්, හකීම් ඇතුළු පිරිස මේ කරන්නේ විවිධ බලවේග හරහා අසත්‍ය ප‍්‍රකාශ කර ජනතාව රැුවටීමට බවත් ඔහු පැවසීය. එම නිසා මේ මැතිවරණය අවසන් වන නොවැම්බර් 17 වැනිදා නැවත පක්‍ෂ නායකත්වය භාර ගන්නා තුරු ජනාධිපතිවරයා කිසිදු ප‍්‍රකාශයක් සිදුනොකරන බව ඉතා වගකීමෙන් සඳහන් කරන්නේ යැයිද වීරකුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More