දේශීය පුවත්

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට ගෙන තිබෙන තීරණය අහෝසි කරන ලෙස ඉල්ලා නිදහස් චතුරශ්‍රය තුළ උපවාසයක් ආරම්භ කළ පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියෝ දහවල් දානය ප්‍රතික්ෂේප කළ බව පරිසර සංවිධාන සඳහන් කරයි.

උන්වහන්සේ මේ වන විට පැන් පමණක් පානය කිරීමට දැනට කටයුතු කරන බවත්, අද දිනය තුළ අදාළ තීරණය බලධාරීන් ලිඛිතව ලබාදීමට කටයුතු නොකළහොත් පැන් පානය කිරීම නවතා දමා මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවත් එම සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.

රටට අහිතකර මෙම ගිවිසුම් අත්සන් කිරීමට ගෙන තිබෙන තීරණය අහෝසි කරන ලෙස ඉල්ලා පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියෝ සත්‍යග්‍රහය අද (05දා) උදේ 09.00ට ආරම්භ කළහ.

ඊට සහයෝගය දැක්වීම පිණිස පරිසර සංවිධාන හා බෞද්ධ සංවිධාන නියෝජිතයින්ද, මහා සංඝරත්නයද නිදහස් චතුරස්‍රය තුළ රැඳී සිටිති.

————————————–
උඩුදුම්බර කාශ්‍යප හිමියෝ මාරාන්තික උපවාසයක

අමෙරිකාව සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට එරෙහිව පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් මාරාන්තික උපවාසය ආරම්භ කර තිබේ.

ඇමෙරිකානු MCC ගිවිසුමට විරුද්ධව සුප්‍රසිද්ධ ධර්මදේශකයානන් වහන්සේ නමක් වන පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් මාරාන්තික උපවාසය ආරම්භ කළ බව ලංකා ලීඩ් නිව්ස් වෙත වාර්තාවේ.

අද( 05) උදෑසන 7.30ට නිදහස් චතුරශ්‍රෙය්දී මෙම උපවාසය ආරම්භ කරන බව උන්වහන්සේ විසින් තම දායකයන්ට පවසා ඇති බවද වාර්තාවේ.

ඒ අතර MCC ගිවිසුම අත්සන් කතිරිමට බලය ලබා දුන් අමාත්‍යමණ්ඩල පත්‍රිකාවට අදාළ වාර්තාව අද නිකුත් වන බව ද දැනගන්නට ඇත.



One thought on “උඩුදුම්බර හිමියෝ දහවල් දානය ප්‍රතික්ෂේප කරති (Update) Video”

  1. Samiditu Dewiwaruni, Ape Hamuduruwanwa apita araksha kara denna! Ape mawu bima samaginma.bera denna!!. Me Uthum Samindun samaga mulu ratama innawa!!! Oba wahansege jeewithaya watina kama me modayinta theren naha. Dalada Samindu Pihitayi! Jaya sirimabo samindu Rakawaranai…Apehamuduruwanta..//

    Misaditu bala bindewa!!!

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More