විදේශ පුවත්

රුසියාවේ සිටින ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සංඛ්‍යාව 155 කින් අඩු කරන බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් අවධාරණය කර තිබේ.

ඒ අනුව රුසියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ඇති වී තිබෙන රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය තවදුරටත් දිග්ගැස්සෙනු ඇත.  රුසියාවේ සිටින ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ සංඛ්‍යාව 455ක් දක්වා අඩු කරන ලෙස රුසියාව මීට පෙර ඇමෙරිකා එක්සත් ජනපදයට දැනුම් දී තිබූ අතර එම තහනම සැප්තැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වේ.

තවදුරටත් රුසියාවේ රැඳී සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සංඛ්‍යාව 155කින් අඩු කරන්න බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කළේ ඒ අතරවාරයේදීය.

“රුසියාවේ රැඳී සිටින ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රිකයන් ගණන තීරණය කරන්නේ අපි. අපි එය වරින් වර තීරණය කරනවා” යැයි රුසියානු ජනාධිපතිවරයා පැවැසීය. ඒ රුසියානු ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ චීනයේ පැවැති මාධ්‍ය හමුවකදීය. ‘බ්‍රික්ස්’ සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනාධිපතිවරයා චීනයට පැමිණ සිටියි.

රුසියානු ජනාධිපතිවරයාගේ මෙම නව තීරණයත් සමඟ රුසියාවේ රැඳී සිටීමට අවසර ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයන් 300කට පමණයි. මේ අතරම රුසියාවට එකට එක කිරීමක් ලෙසින් ඇමෙරිකා එක්සත් ජනපදය ද රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ට එරටින් පිටව යන්නැයි දැනුම් දෙන ලදි. කෙසේ නමුත් ඇමෙරිකාවේ සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානයට පත් කර තිබෙන රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ද ඇතුළත්ය.

(ඒ.එෆ්.පී 055)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More