Notice Board

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න විසින් ජවිපෙ දෙවැනි කැරලි සමය අලලා රචිත නවතම ග්‍රන්ථය වන ‘කොම්රෙඩ් ලයනල්’ ග්‍රන්ථය අද (05 වැනිදා) තුනට තුංමුල්ල මංසන්ධිය අසල පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී එළිදැක්වේ.

මෙම කෘතියට පාදක වන්නේ ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකරලීමේ ජවිපෙ උපාය මාර්ගික ගමන්මග අනුව එය ක්‍රියාවට නගමින් විජය කුමාරතුංග, කොළඹ සරසවි උප කුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර, එජාප මහලේකම් නන්දලාල් ප්‍රනාන්දු, රහස් පොලිස් අධ්‍යක්ෂ ටෙරන්ස් පෙරේරා ඇතුළු 41ක් ජවිපෙ දෙවැනි කැරැල්ලේදී ඝාතනයට ලක්කළ ලයනල් රණසිංහගේ සත්‍ය කතාවය. පිටු 432කින් යුත් ග්‍රන්ථයට ඡායාරූප 86ක් ඇතුළත්ය.

‘කොම්රෙඩ් ලයනල්’ ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවයේ මුලසුන පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි හොබවන අතර ග්‍රන්ථය පිළිබඳ හැඳින්වීම 71, 89 සහ තරුණ ක්‍රියාකාරීත්වය, විදේශ ගිවිසුම් සහ කුමන්ත්‍රණ, දේශපාලන ඝාතන සහ ඝාතනයේ දේශපාලනය මැයින් එහිදී දෙසුම් පවත්වනුයේ අජිත් ගලප්පත්ති, ආචාර්ය චරිත හේරත්, වෛද්‍ය වසන්ත බණ්ඩාර සහ ඩිව් ගුණසේකර යන අය විසිනි. වැඩසටහන ​මෙහෙයවනුයේ සේපාල අමරසිංහය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More