දේශීය පුවත්

ඉරිදා පාස්කු ප්‍රහාරය හමුවේ රටම ලේ විලක් වන්නට ගිය අවස්තාවෙන් මුදා ගැනීමට පෙරමුණගත් කාදිනල්හිමි වර්තමාන ආණ්ඩුව විසින් ජාතිවාදියෙකු ලෙස හැදින්වූ බව ප්‍රිමාල් ප්‍රනාන්දු මහතා පවසයි.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයයේ විධායක සභාව විසින් පසුගියදා කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රිමාල් ප්‍රනාන්දු මහතා මේ බව පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පවසා සිටියේ ඉරිදා පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම ආණ්ඩුව බාර ගත යුතුව ඇති බවය. මේ වන විටත් එම අසරණ පවුල්වල සාමාජිකයන් කිසිදු ප්‍රතිලාභයක් නොමැතිව දුකසේ ජීවිකාව ගෙන යන බවත් ඒ වෙනුවෙන් ආණ්ඩුව මැදිහත් නොවී ඇති බවට ඔහු චෝදනා කර සිටියේය.

රටම ලේවිලක් වන්නට ගිය අවස්තාවෙන් මව්බිම මුදවාගත් කාදිනල් පිමිපානන් ජාතිවාදියෙකු ලෙස හැදින්වීමට එජාපය නියෝජනය කරන එක්තරා භික්ෂුවක් කටයුතු කළ බවත් මේ දිනවල දේශපාලන වේදිකාව දෙවනත් කරන නායකයින්ද මේ පිළිබද මුනිවත රැකි අයුරු ජනතාවට මතක ඇති බවද ප්‍රනාන්දු මහතා අවධාරණයකර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More