දේශීය පුවත්

නොවැම්බර් 16 දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ කටයුතු වෙනුවෙන් ලබන 15 වනදා දිවයිනේ සියලු රජයේ පාසල්වලට නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක් වෙයි.

“2019 නොවැම්බර් මස 16 වැනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස පාසල් ගොඩනැගිලි සහ පාසල් පරිශ්‍ර යොදාගැනීමට මැතිවරණ කොමිසන් සභාව විසින් කරන ලද ඉල්ලීමට අනුව, නොවැම්බර් මස 15 දින දිවයිනේ සියලු ම පාසල්වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

එමෙන් ම, ඡන්ද මධ්‍යස්ථාන ලෙස ‍යොදාගන්නා සියලු පාසල් යථා පරිදි නැවත භාරදීමේ කොන්දේසියට යටත් ව 2019-11-14 වන දින පාසල් වේලාවෙන් පසු අදාළ ග්‍රාම නිලධාරීන් වෙත ලබාදීමට සහ එම පාසල්වල නොවැම්බර් 16 වැනි දින ඡන්ද විමසීම් කටයුතු සිදුකිරීමටත්, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල් ඒ සඳහා යොදාගැනීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මැතිවරණ ‍කොමිසම වෙත අනුමැතිය ලබා දී තිබේ.“



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More