දේශීය පුවත්

මුලතිව්, නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානය භාරකරුට නාඳුනන තරුණයකු 1 වැනිදා සවස පහර දී තිබේ.

විහාරස්ථානය භාරකරු කැළුම් බණ්ඩාර ප‍්‍රකාශ කළේ විහාරස්ථාන භූමියේ පවතින කෝවිලේ පූජාවක් වෙනුවෙන් පැමිණි කණ්ඩායමක තරු‍ණයකු තමන්ට එලෙස පහර දුන් බවයි.

විහාරස්ථානය වෙත ට‍්‍රැක්ටර රථයක පටවාගෙන කිසියම් දේව පිළිමයක් කණ්ඩායමක විසින් රැගෙන පැමිණි බවත් එහිදී තමා විහාරස්ථානයේ භාරකරු වශයෙන් සිද්ධිය සම්බන්ධයෙන් විමසීම සිදුකළ බවත්, අදාළ පැමිණි පිරිස කුමක් සිදුකරන්නේ ද යන්න සම්බන්ධයෙන් තමාගේ ජංගම දුරකථනයෙන් ජායාරූප හා වීඩියෝ ගැනීමක් සිදුකළ අවස්ථාවේ පැමිණි කණ්ඩායමෙන් කෙනකු තමන්ට පහරදීම සිදුකළ බවත් විහාරස්ථානයේ භාරකරු කියා සිටියේය.

අදාළ පිරිස පහරදීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට මුලතිව් පොලිසිය දක්වා ගමන් කිරීමට තමාට සිදුව ඇති බවත් තනිව සිටින තමන්ට මුලතිව් දක්වා ගමන් කළ නොහැකි තත්වයක් පවතින බවත් විහාරස්ථානය භාරකරු කැළුම් බංඩාර පැවසීය.

මග රැක සිට අදාළ පිරිස තමාට පහර දෙතැයි තමන් බියෙන් පසුවන බව ද හෙතෙම පැවසීය.

මීට පෙර අවස්ථාවකදී උතුරු පළාත් සභා හිටපු මන්ත‍්‍රී ටී.රවිහරන් මහතා ඇතුළු පිරිසක් ද තමන්ට තර්ජනය කළ බව ද විහාරස්ථානයේ භාරකරු කියා සිටියේය.

දිනසේන රතුගමගේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More