ව්‍යාපාරික පුවත්

රජය විසින් පසුගිය පළවෙනිදා සිට ක්‍රියාත්මක කර ඇති සුපිරි වාහන බද්ද නිසා ලක්ෂ 35කට වැඩි සියලුම කාර් හා ජීප් රථවල මිල 100% ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා සඳහන් කරන්නේ එන්ජින් ධාරිතාව 1500 ක් වූ වාහනයක මිල මෙම නව බද්ද හේතුවෙන් රුපියල් ලක්ෂ 25-35 අතර ප්‍රමාණයකින් ඉහළ යන බවයි.

එවන් වාහනයක විකුණුම් මිල රුපියල් ලක්ෂ 60-70 ත් අතර විය හැකි බවද ඒ මහතා සඳහන් කලේය.

නව බද්ද හේතුවෙන් යුරෝපීය වාහන වල මිල ද විශාල ලෙස වැඩි වන බව ඔහු පැවසීය.

කලින් මෙම සුපිරි බද්ද අය කරන ලද්දේ එන්ජින් ධාරිතාව 1800 ඉක්මවන වාහන සදහා පමණක් බව ද ඔහු කියා සිටියේය.

වාහන ගෙන්වීමේදී පණවා තිබු නිෂ්පාදන බද්දට අමතරව එහි වටිනාකම අනුව මෙම බද්ද අයකරන බවද ලේකම්වරයා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More