දේශීය පුවත්

මෙවර ජනපතිවරණයේ දී දේශපාලන පිම්මකට හැරවුමක් පවතින බව ජාතික ජනබල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

“දේශපාලන පරිවර්තන සිදුවන්නේ පිම්මක් ලෙසින්. මෙම ජනපතිවරණයේදී දේශපාලන පිම්මකට හැරවුමක් නිර්මාණය වී තිබෙනවා. සමාජ පරිවර්තනයක් අවශ්‍ය කියන මතය මේ වන විට තිබෙනවා.

අපේ රටට ප්‍රභල බලපෑමක් කළ හැකි මාධ්‍ය ක්ෂේත්‍රයක් බවට විද්‍යුත් නාළිකා පත්ව තිබෙනවා. සමහර නාළිකාවට පක්ෂ තිබෙනවා. සමහර දේශපාලන පක්ෂවලට නාළිකා තිබෙනවා.

මේ මෙවලමට යම් දේශපාලන බලපෑමක් තිබෙනවා. එය අපිට බලපෑමක් ඇතිව තිබෙනවා. සමාජ මාධ්‍ය තුළ අපි යම් ස්ථාවරයක ඉන්නවා.

අපි මේ මැතිවරණ ව්‍යාපාරයේ සෑම නිවසකටම යන්න තීරණය කර තිබෙනවා. අපේ ප්‍රභලම මාධය වෙන්නේ ගෙයින් ගෙට යාමයි.

1978 ව්‍යවස්ථාව බොහෝ පැතිවලින් අසමත් වී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 වතාවක් සංශෝධනය වී තිබෙනවා.

19 සැලකිය යුතු ප්‍රජාතන්ත්‍රවාදී සංශෝධනයක් වගේම. එහි අගමැතිගේ හා ජනතිගේ බල කේන්ද්‍රීය උවමනාවක් තිබෙනවා.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපිට ඕන. ජනතාවගේ මූලික අයිතිවාසිකම් ශක්තිමත් කිරීම, පොදු ජනයා පාලනයේ සම හවුල් කරුවන් බවට පත්කර ගත යුතුයි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More