පුරවැසි කොලම

මෑත ඉතිහාසය ගෙන හැර බලන විට ආසියාවේ මුස්ලිම් සන්නද්ධ ව්‍යාපාරය ආරම්භ වී ඇත්තේ ඇෆ්ගනිස්ථානය ආක‍්‍රමණය කළ සෝවියට් හමුදාවට එරෙහිවය. ඇෆ්ගන් මුජහිදීන්වරු අසූව දශකයේදී රුසියානු හමුදාවට එරෙහිව දරුණු සටනක නිරත විය. රුසියානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්ව ගිය ද මුජහිදීන්වරු සමග එක්ව සිටි විදේශ සටන්කරුවන් එරටින් පිටව ගියේ නැත. මොවුන් ඇෆ්ගනිස්ථානයේ මෙන්ම පකිස්ථානයේ ගෝත‍්‍රික කලාපවල නතර වී සිටියහ. මොවුන් එක්ව 1988 දී අල් කයිදා ව නිර්මාණය කළ අතර පසුව 1995 දී ඇෆ්ගන් තලිබාන් සංවිධානය ද මේ පිරිස අතරින්ම බිහි විය. 2014 දී අයිසිස් සංවිධානය බිහි වූ අතර නමුත් තලිබාන්වරු මේ කණ්ඩායමට අකමැති විය.

කෙසේ නමුත් අයිසිස් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ තම ප‍්‍රදේශයක් ප‍්‍රකාශයට පත් කර ඇති අතර එය ”කොරසාන්” ලෙස හැඳින්වේ. ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ප‍්‍රදේශයේ මෙම කලාපය පිහිටා ඇති අතර අයිසිස් සාමාජිකයින් 2000- 2500 අතර පිරිසක් මෙහි ස්ථානගතවී සිටිති. සිරියාවෙන් හා ඉරාකයෙන් අයිසිස්වරු අතුගා දමනු ලැබූ පසු අබු බකර් බැග්ඩාඩි වැඩියෙන්ම අවධානය යොමු කර ඇත්තේ ආසියාව දෙසටය. ලෝක මුස්ලිම් ජනගහනයෙන් 63% ක් වාසය කරන්නේද ආසියාවේ බැවින් අයිසිස් සංවිධානය මේ කලාපය ගැන වඩාත් උනන්දු අමුතුවෙන් කිව යුතු නැත.

ඇත්තෙන්ම අයිසිස් සංවිධානයේ ආසියානු කලාපයේ ප‍්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ

ඇෆ්ගනිස්ථානයේය. පසුගිය මාස හය තුළ අයිසිස් සාමාජිකයින්

ඇෆ්ගන්දේශයේ ප‍්‍රහාර 180ක් එල්ල කර ඇති අතර ඒවායින් මියගිය හෝ තුවාල ලැබූ පිරිස 900කට ආසන්නය. මොවුන් පාකිස්ථානය තුළ ප‍්‍රහාර 12ක් සිදු කර ඇත. ඇත්තෙන්ම අයිසිස් නිසා පිබිදුනු සහරාන් කල්ලිය පාස්කු දින එල්ල කළ ප‍්‍රහාරයෙන් 300 ක් මරුමුවට පත්වූ අතර තුවාල ලැබූ පිරිස 500ක් පමණය.

සිරියාවේ හා ඉරාකයේ අයිසිස් සංවිධානය බලවත්ව සිටි කාලයේ උස්බෙකිස්ථාන ජාතිකයින් 2000ක් එයට බැඳී සටන් කළහ. ටජිකිස්තාන් වැසියන් 2000ක් ද කිර්ගිස්තාන වැසියන් 850ක් ද කසස්ථාන් ජාතිකයින් 600ක් ද අයිසිස් හා එක්වීමට සිරියාව බලා ගොස් තිබිණි. ඇත්තෙන්ම රුසියාව අයිසිස් සංවිධානය මර්දනය කිරීම සඳහා සිරියාවට හමුදාව පිටත් කර හරිනු ලැබුවේ ද රුසියාවේ සමහර ප‍්‍රාන්ත රාජ්‍යවල මුස්ලිම් වැසියන් හා අවට රාජ්‍යවල දහස් ගණනක් අයිසිස් වරුන් හා එක්වීම දීර්ඝ කාලීනව තමන්ට තර්ජනයක් වන බැවින් මොවුන් වහා විනාශ කළ යුතු බැවිනි. ඒ සඳහා ජනපති පුටින් ලබා දුන් නායකත්වය ලෝවැසි වහාබ් විරෝධී ජනතාව මහත්සේ අගය කළහ. ජනපති පුටින් ආසියාවට එල්ලවන අයිසිස් තර්ජනයට එරෙහිව කෙසේ ක‍්‍රියා කරයිද? එය අනාගතයට බාර දිය යුතුය.

මේ අතර ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයේ ශාඛාවක් ඉන්දියාවේ පිහිටු වූ බව පසුගිය මැයි මාසයේ එම සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්විණ. ඉන්දීය පාලිත කාශ්මීරයේ හටගත් ගැටුම්වල වගකීම භාර ගනිමින් මෙම නිවේදනය නිකුත් කර තිබිණි. තම සටන්කරුවන් ස්වයංක‍්‍රීය ගිනි අවි භාවිත කරමින් කාශ්මීරයේ, ශොපියන් දිස්ත‍්‍රික්කයේ, අම්ෂිපෝරා

ගම්මානයේදී මිථ්‍යාදෘෂ්ටික ඉන්දියානු හමුදා භටයන් කිහිප දෙනෙකු ඝාතනය කළා, තුවාල සිදු කළා,” යනුවෙන් මෙම නිවේදනයේ සඳහන්ව තිබිණි.

ඇත්තෙන්ම ඉන්දුනීසියාවේ ක‍්‍රියාත්මක වන මුස්ලිම් අන්තවාදී සංවිධාන 19ක් කෙලින්ම අයිසිස් සංවිධානය වෙත සිය සහය පළ කර ඇති අතර පිලිපීනයේ ක‍්‍රියාත්මක කණ්ඩායම් 3ක් හා මැලේසියාවේ සංවිධාන 05ක් ද අබු බකර්ගේ මෙහෙයුම් අනුමත කරති.

ආසියාව යනු ලොව විශාලතම සහ ජනාකීර්ණම මහාද්වීපය යි. එය පිහිටා ඇත්තේ පෘථිවියේ නැගෙනහිර සහ උතුරු අර්ධගෝලවලය. පෘථිවියේ මුළු මතුපිට වර්ගඵලයෙන් 8.6%ක් හෙවත් මුළු භූමි ප‍්‍රමාණයෙන් 29.9%ක් එයට අයත් වෙයි. එහි බිලියන 4ක ජන ප‍්‍රමාණයක් ජීවත් වෙන අතර මෙය වත්මන් ලෝක ජනගහනයෙන් 60%කි. 20 වැනි සියවස තුළ ආසියාවේ ජනගහනය සිව් ගුණයකින් වැඩි විය. මේ කලාපය අස්ථාවර කිරීමට මුස්ලිම් අන්තවාදීන්ට හැකි වුවහොත් එය සමස්ත ලෝකයම අර්බුදයට හෙළන්නක් වන බව පැහැදිලිව සටහන් කළ යුතුය. එනිසාම මුස්ලිම් අන්තවාදය මර්දනය කිරීම සඳහා සියලූ රටවල් එක්ව සහයෝගයෙන් කටයුතු කළ යුතුය. විශේෂයෙන් බුද්ධි තොරතුරු හුවමාරුව බෙහෙවින් වැදගත් වේ. සහරාන්ගේ ප‍්‍රහාර සම්බන්ධව ඉන්දීය බුද්ධි අංශ මෙරට බලධාරීන් දැනුවත් කර තිබුණ ද නිසි පියවර නොගත් නිසා අසරණ ජීවිත 300ක් අකාලයේ විනාශ විය. එහෙත් මේ තර්ජනය අවසන් නැත. ඊයේට වඩා හෙට භයානක විය හැක.

අබු බකර් අල් බැග්ඩාඩි තවමත් ජීවත්ව සිටින නිසා මොහු තම ජාලය ආසියාවට ව්‍යප්ත කිරීමට කිසි විටක පැකිලෙන්නේ නැත. 2014 වසරේ ඉරාකයේ මෝසුල් (ඵදිමක* නගරයේ දී පැවැත්වූ කතාවකදී තමා යටතේ පවතින මුස්ලිම් රාජ්‍යය කාලිපාතයක් බවට ප‍්‍රකාශයට පත්කළ අබු බකර් ඉන් අනතුරුව වසර තුනකට අධික කාලයක් ප‍්‍රසිද්ධියේ පෙනී නොසිට

හැංගිමුත්තමේ නිරත වෙමින් සිට පසුගිය අප‍්‍රියෙල් මස අන්තිම සතියේ මිනිත්තු දහඅටක වීඩියෝ පටයක් මගින් තමා තවමත් ජීවතුන් අතර බව ලෝකයට පෙන්වා දුන්නේය. ඉස්ලාමීය ලෝකයක් වෙනුවෙන් කටයුතු කරන මේ ත‍්‍රස්තයාගේ හිස සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය විසින් නියම කරනු ලැබ ඇති මිළ ඩොලර් දෙකෝටි පනස් දහසකි. කෙසේ නමුත් මේ වහාබ් යක්ෂයන්ගෙන් ආසියාව බේරා ගත යුතුය.

චතුර පමුණුව
Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More