දේශීය පුවත්

සජිත් ප්‍රේමදාස මහතා පරාජය කිරීමේ දැවැන්තම වුවමනාව ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

වත්තල නගරයේ පැවති ජන ජනරැලියකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් ඊයේ පස්වරුවේ වත්තල බෝපිටිය ලියෝ ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි.

එම අවස්ථාවේ අදහස් දැක්වු විජයදාස රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

“සජිත් ප්‍රේමදාස ගිය අඟහරුවාදා කැබිනට් එකේ ඉදලා තියෙනවා.

කැබිනට් එකේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරද්දී සජිත් කට ඇරියද?

කොන්ද පණ තියෙනවා කියන අපේක්ෂකයා ඊට විරුද්ධව කතා කලාද?

මේ වගේ දේශද්‍රෝහි අපේක්ෂකයෙක් මේ රටේ ජනාධිපති කරන්න කැමතිද?

ඊයේ අගමැති මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අත්සන් කරන්න උත්සාහ ගත්තා.

මේක කඩිමුඩියේ අත්සන් කරපු ගමන් තව ලක්ෂ 10ක් 15ක් එජාපයේ ඡන්ද පදනමෙන් කැඩිලා ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතාට එකතුවෙන බව රනිල් වික්‍රමසිංහ දන්නවා.

සජිත් ප්‍රේමදාසව පරාජය කිරීමේ දැවැන්තම වුවමනාව තියෙන්නේ රනිල් වික්‍රමසිංහට”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More