දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේ්‍ශපාලන පක්ෂ 17 කින් යුතුව පිහිටුවන ලද ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නිලධාරි මණ්ඩලය පත් කිරීම ලබන 16 වැනිදා පැවැත්වෙන ජනපතිවරණයෙන් පසුව සිදුකෙරෙනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

නව සන්ධානයේ සම නායකයින් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් පත් කිරීමට දෙපාර්ශවය එක්ව තීරණය කර ඇති නමුත්, එය ද ලබන 16 වැනිදායින් පසුව ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

1993 දී ශ්‍රී ලංකා නිදහස් පක්යෂ ඇතුළු පක්ෂ කිහිපයක් එක්ව පිහිටුවන ලද පොදුජන එක්සත් පෙරමුණ සංශෝධනය කරමින්, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලියාපදිංචි කෙරෙන අතර එහි ලකුණද පුටුව ලකුණ වේ.

ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වෙන මහ මැතිවරණයට ශ්‍රීලනිප, පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ එක්ව පුටුව ලකුණින් තරඟ කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පිහිටුවා ඇති අතර, පක්ෂ දෙක අතර විශ්වාසය තහවුරු කිරීමේ අරමුණින් ජනාධිපතිවරණයට පෙර එම ගිවිසුම අත්සන් කළ බව එම සන්ධානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශයක් ” ඉරිදා ලංකාදීපයට ” පැවසීය.

නව සන්ධානයේ මහලේකම් ධූරය පොදුජන පෙරමුණටත්, නියෝජ්‍ය මහලේකම් ධූරය හා ජාතික සංවිධායක ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් හිමිවනු ඇත.

නව සන්ධානයේ හවුල්කාර සෙසු පක්ෂවලට උපලේකම් ධූරය හා උපසභාපති ධූරය බැගින් පිරිනැමීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More