දේශීය පුවත්

ජනපතිධූර අපේක්ෂකයන් වන ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ මැතිවරණ ක්‍රියාදාමය ගැන ඉන්දීය ඔත්තු සේවාව වූ රෝ සංවිධානයේ චරපුරුෂයින් පිරිසක් විමර්ශනයේ යෙදෙන බව අනාවරණය වී ඇත. යාපනය සහ හම්බන්තොට ඉන්දීය කොන්සල් කාර්යාල පිහිටුවා තිබීම නිසා රෝ ඔත්තුකරුවන්ට මේ නිරීක්ෂණ කටයුතුවල යෙදීම පහසු වී තිබේ.

උතුරේ ආරංචිමාර්ග පැවසුවේ ඉන්දිය ජාතිකයින් යැයි සැකකරන පිරිසක් තමිල්නාඩුවේ සිට සති දෙකකට පෙර යාපනයට පැමිණ ඇති බවයි.

රෝ සංවිධානයට සෘජුව සම්බන්ධව උතුරේ ද්‍රවිඩ දේශපාලනස කණ්ඩායම් දෙකක නායකයන්ද මොවුන් හමුවී ඇත. 2015 ජනපතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරන ලද්දෝ රෝ සංවිධානය බව ඒ මහතා පසුව හෙළිකර තිබුණි. මෙම රෝ ඔත්තුකරුවන් සහ ඔවුන්ගේ දේශීය නියෝජිතයන් සෑම මැතිවරණ ප්‍රචාරක රැළියකටම ගොස් එහිදි ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා සිදුකරන ප්‍රකාශ පටිගත කරන බවද ආරංචිමාර්ග කියා සිටියි.

මෙහිදී රෝ සංවිධානය වැඩිපුරම අවධානය යොමු කර ඇත්තේ ජනපති අපේක්ෂකයින් දෙදෙනා ඉන්දියාව සම්බන්ධව අනුගමනය කරන පිළිවෙත බව වාර්තා වී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More