ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන හයවන සමාලෝචනය සම්පූර්ණ කර තිබේ. මේ අනුව එක්සත් ජනපද ඩොලර් මිලියන 164 ක හයවන වාරිකය ශ්‍රී ලංකාව වෙත මුදා හැරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කටයුතු කරනු ඇත.
මෙම හයවන වාරිකය මුදා හැරීමත් සමඟ විස්තීර්ණ ණය පහසුකම යටතේ සිදු කළ සමස්ත මුදා හැරීම් ප්‍රමාණය විදේශීය ගැනුම් හිමිකම් මිලියන 952.23 ක් හෙවත් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.31 ක් වේ.
මේ අතර මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන 2020 ජූනි 02 දින දක්වා දීර්ඝ කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව තීරණය කර තිබෙන අතර මේ අනුව ඉතිරි ණය වාරික මුදා හැරීම ඉදිරි වසර තුළ දී සිදුකිරීමට නියමිතය.
විස්තීර්ණ ණය පහසුකම අඛණ්ඩව ලැබීම මගින් බාහිර කම්පනයන්ට ඔරොත්තු දීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ශක්තිමත් කර ගැනීමට හැකිවන අතර, එමගින් මැදි කාලීන ආර්ථික වර්ධනය අත්කර ගැනීමට සහ වෙළෙඳපොළ විශ්වාසය ඉහළ නංවා ගැනීමට ඇකි වන ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත සම්පූර්ණ ණය මුදල් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 කි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...