විදේශ පුවත්

“ණය උගුලෙන්” මිදීමට චීනය, ශ්‍රී ලංකාවට උපකාර කරන බවත් රට සංවර්ධනය කිරීම සඳහා වරාය, මාර්ග සහ ජල සංරක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවෑන් මහතා පවසා ඇත.

චීන – ශ්‍රී ලංකා ප්‍රායෝගික සහයෝගීතාව යන මැයෙන් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් සහ විද්වතුන් පිරිසක් අතර කොළඹ දී පැවති සංවාදයක දී තානාපතිවරයා එම අදහස් පළ කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවට සහ මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවලට අනුව 2018 වසර අවසන් වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 52 ක් බවත් ඉන් චීනයෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 6ක් බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවෑන් මහතා පවසා ඇත. ඒ අනුව එය සමස්ත ණය ප්‍රමාණයෙන් 11.5% කි.

අවස්ථා ගණනාවකදී බටහිර රටවලින් ඉහළ පොළී අනුපාතවලට ගත් ණය ආපසු ගෙවීම සඳහා ශ්‍රී ලංකා රජය අඩු පොළී අනුපාත යටතේ චීනයෙන් ණය ගත් බවත් “ණය උගුලෙන්” මිදීමට එය උපකාරී වූ බවත් චීන තානාපතිවරයා එම සංවාදයේදී සඳහන් කර තිබේ.

චීනය, ශ්‍රී ලංකාවේ විශාලතම විදෙස් ආයෝජකයා බවත් චීනය, ශ්‍රී ලංකාව තුළ ඉදිකිරීම් කටයුතු රැසක් සිදුකර ඇති බවත් චීන තානාපතිවරයා මෙම සංවාදයේදී සඳහන් කර තිබේ.

චීන සංචාරකයන් විශාල පිරිසක් ද ශ්‍රී ලංකාවට පැමිණෙන බව සඳහන් කර තිබෙන චීන තානාපතිවරයා චීන – ශ්‍රී ලංකා සහයෝගීතාව වර්ධනය වෙමින් පවතින බව ද සඳහන් කර ඇත.

2009 වසරේදී සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසුවත් අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ‘පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවලින්’ පසුවත් ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම සඳහා ආධාර මෙන්ම ආරක්ෂාව ද සැපයූ බවත් හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

(ෂිංහුවා ඇසුරිනි)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More