දේශීය පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරය සියතට ගනිමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කරමින් මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමට තීරණය කර ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සමග දේශපාලන පක්ෂ, ස්වේච්ඡා සංවිධාන, වෘත්තීය සමිති 47ක් පසුගිය සිකුරාදා ගිවිසුම්ගත විය.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායකයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කටයුතු කරන අතර මහ ලේකම් ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න කටයුතු කරයි.

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ, ස්වේච්ඡා සංවිධාන වෘත්තීය සමිති මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කරන ලදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග ගිවිසුමට අත්සන් කළ අතර එම පක්ෂයේ ආසන සංවිධායකවරු 40ක් පමණ මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙම පිරිස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙහෙයවයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රචාරක රැලිවලට හිටපු ජනාධිපතිනියද එක්වන අතර ඇය වෙනම ප්‍රචාරක වැඩපිළිවෙළක්ද ආරම්භ කිරීමට නියමිතය.

මේ අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රමාද වී පැමිණීම කාගේත් අවධානයට ලක්විය. අවබෝධතා ගිවිසුම නොලැබීම නිසා එය අධ්‍යයනය කිරීමට කාලයක් නොමැති නිසා මෙම උත්සවයට සහභාගි වීම ප්‍රමාද වූ බව වාර්තා වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More