දේශීය පුවත්

මිලේනියම් චැලෙන්ඡ් ගිවිසුම ශ්‍රී ලංකාව සමග අත්සන් කර ගැනීමට ඇමෙරිකාව සමත් වුවහොත් ඒ හරහා ශ්‍රී ලංකාව ලෝක බල අරගලයේ කේන්ද්‍රස්‌ථානය බවට පත්වී රට ලේ විලක්‌ සහ ගිනි ගොඩක්‌වීම කිසිවකුටත් වළකාලිය නොහැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඊයේ (01 දා) කොළඹදී පැවති “ස්‌ටොප් යූ.එස්‌.ඒ.” මාධ්‍ය හමුවේදී අදහස්‌ දක්‌වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ උදය ගම්මන්පිල මහතා මෙසේද පැවසීය.

ශ්‍රී ලංකාවේ ඉඩම් අයිතිය ඇමෙරිකාවට මංකොල්ල කෑමට ඉඩ සලස්‌වන මිලේනියම් චැලේන්ඡ් ගිවිසුමට පසුගිය අඟහරුවාදා ඇමැති මණ්‌ඩල අනුමැතිය ලැබුණා. ජනපතිවරණයට පෙර මේ ගිවිසුම අත්සන් කරන බවට අගමැති පවසනවා. ජනාධිපතිවරණයට පෙර මෙම ගිවිසුම අත්සන් තැබීමට ඉඩ ලබා නොදෙන බවට ජනාධිපතිතුමා අපට පොරොන්දු වුණා. හැබැයි ඉතින් අගමැති සහ ඇමැති මංගල ජනාධිපතිගේත් කනින් රිංගලා මේ ගිවිසුම අත්සන් තබන්න ඉඩ තිබෙනවා.

අගමැතිතුමා නම් අහන්නේ ඩොලර් මිලියන 480 ක්‌ තෑග්ගක්‌ විධියට ලැබෙන නිසා මේ ගිවිසුම අත්සන් කිරීමේ වැරැද්ද මොකද්ද කියලා. තමන්ගේ අම්මාට මිලක්‌ නියම වුණොත් විකුණලා දාන්න ඔබ සූදානම් ද කියලා අපි ප්‍රශ්න කරනවා. අපේ ලක්‌ අම්මාට මිලක්‌ නියම කරන්න අපි සූදානම් නෑ කියලා අපි අගමැතිට කියනවා.

මිලේනියම් චැලේන්ඡ් ගිවිසුමේ ව්‍යාපෘති දෙකක්‌ තිබෙනවා. ප්‍රවාහන ව්‍යාපෘතිය සහ ඉඩම් ප්‍රතිසංස්‌කරණ ව්‍යාපෘතිය. ප්‍රවාහන ව්‍යාපෘතියට අපේ විරෝධයක්‌ නෑ. ඉඩම් ප්‍රතිසංස්‌කරණ ව්‍යාපෘතියටයි අපේ විරෝධය තිබෙන්නේ. මේ රටේ ව්‍යාපාරික ප්‍රජාව ඉඩම් ප්‍රතිසංස්‌කරණ ව්‍යාපෘතියට තියෙන විරෝධය පෙන්වා දීලා මිලේනියම් චැලෙන්ඡ් කෝපරේෂන් හි ශ්‍රී ලංකාවේ ප්‍රධාන විධායක නිලධාරිනියට යෝජනා කරනවා ඉඩම් ප්‍රතිසංස්‌කරණ ව්‍යාපෘතියට ලබාදෙන මුදල්ද ප්‍රවාහන ව්‍යාපෘතියට යොදවලා එය පුළුල්ව සිදු කිරීමට. ඇමෙරිකාව ඒ යෝජනාවට විරුද්ධයි. ඇමරිකාවට මේ රටේ ඉඩම් මංකොල්ලකෑමේ යටි අරමුණක්‌ නැති නම් රටේ විරෝධය තිබෙන ඉඩම් ප්‍රතිසංස්‌කරණ ව්‍යාපෘතිය අත් හරින්න අකැමැති ඇයි?

මේ සියවස ආසියාවේ සියවස බවත් ආසියාවේ හරි මැද පිහිටි ලංකාව මේ සියවසේ වැදගත්ම රට බවත් ඇමෙරිකානු යුද විශේෂඥ රොර්බට්‌ කප්ලාන් පවසනවා. ඒ නිසා මිලේනියම් චැලේන්ඡ් ගිවිසුමේ සැබෑ අරමුණ වන්නේ මේ සියවසේ වැදගත්ම රට බවට පත්වී තිබෙන ශ්‍රී ලංකාව තුළ ඇමරිකාව පැළපදියම් කරගැනීමයි. ඒ අනුව මිලේනියම් චැලේන්ඡ් ගිවිසුම අත්සන්කර ගැනීමට ඇමරිකාව සමත් වුවහොත් ඒ හරහා ශ්‍රී ලංකාව ලෝක බල අරගලයේ කේන්ද්‍රස්‌ථානය බවට පත් වෙලා මේ රට ලේ විලක්‌ ගිනිගොඩක්‌ බවට පත්වීම කාටවත් වළක්‌වා ගන්න බෑ.

මිලේනියම් චැලේන්ඡ් ගිවිසුම සම්බන්ධයෙන් ඇමරිකානු කොංග්‍රස්‌ මණ්‌ඩලයට එම ආයතනය විසින් යෑවූ වාර්තාවේ 6 වන පිටුවේ සඳහන් වෙනවා, මේ සම්බන්ධයෙන් දැනටමත් ඇමරිකාව විසින් නිර්දේශ කරපු ඉඩම් ප්‍රතිසංස්‌කරණවලට අදාළ පනත් කෙටුම්පත් 2 ක ශ්‍රී ලංකා ආණ්‌ඩුව විසින් සකස්‌ කර අවසන්, පනත් කෙටුම්පත් දෙක සම්මත කරගැනීමේ ප්‍රගතිය අනුව තමයි මෙම මුදල් නිදහස්‌ කරන්නේ කියලා. පළමුවන පනත් කෙටුම්පත මීට මාස හතරකට කලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අප ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්‌ කළා. පළාත් සභා යළි සක්‍රීය වන තුරු පළාත් සභාවල එක`ගතාවය ලබා ගන්නාතුරු ඒ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක්‌ ලබා දුන්නා. අනික්‌ පනත් කෙටුම්පත කුමක්‌ද කියන එක අපි දැකලත් නැහැ. දන්නෙත් නැහැ. මෙය ඉතාම රහසේ කරගෙන යන බව ඉතාම පැහැදිළියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More