ව්‍යාපාරික පුවත්

සුඛෝපභෝගී රථ වාහන සඳහා රජය නව බද්දක් පනවා ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ පවසන්නේ රජය කුඩා වාහන වල බදු අඩුකර ඇති බවට වැරදි ප්‍රචාරයක් සිදුකරමින් සිටින බවයි.

2019 අයවැය යෝජනා යටතේ පැනවූ සුඛෝපභෝගී රථ වාහන බද්ද කුඩා වාහනවලට බලනොපැවෙත්වෙන බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පසුගිය 29 වැනිදා ප්‍රකාශ කළේය.

එහි දැක්වෙන්නේ සුඛෝපභෝගී මෝටර් කාර් සහ ජීප් රථ පමණක් එම බදුවලට යටත්වන අතර, කුඩා මෝටර් රථ කිසිවකටත් එය අදාළ නොවන බවයි.

එමෙන්ම, වෑන් රථ, තනි කැබ් රථ, ද්විත්ව කැබ් රථ(ඩබල් කැබ්), මෝටර් සයිකල් සහ මෝටර් ට්‍රයිසිකල් යනාදී වාහනද මෙම සුඛෝපභෝගී බද්දට යටත් නොවන බවද මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

තව ද, කුඩා ප්‍රමාණයේ වාහනවලට මෙම සුඛෝපභෝගී බදු අයනොකරන බව අවධාරණය කරන අතර ඒ අතරට Toyota Vitz, Suzuki Every, Toyota Roomy, Suzuki Alto, Suzuki Baleno, Daihatsu Petrol, Honda Grace, Suzuki Wegon R, Toyota Aqua යන මාදිලිවල වාහන මෙම සුඛෝපභෝගී බද්දට අදාළ නොවන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

තව ද Axio, Premio සහ Allion යන මාදිලිවල සාමාන්‍ය වාහන ද මෙම සුඛෝපභෝගී බද්දට යටත් වන්නේ නැහැ.

කෙසේවෙතත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ රජය සුඛෝපභොග් රථවලට නව බද්දක් පනවා ඊට කුඩා වාහන අයත් නොවන බවට නිවේදනය කර ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More