ප‍්‍රධාන පුවත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දෙන ණය මුදලේ 6වන වාරිකය මුදා හැරීමට තීරණය කර ඇත.

මෙරට ආර්ථීක කාර්ය සාධනය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අමෙරිකානු ඩොලර් මිලියන 164 ක මුදලක් මුදා හැරීමට තීරණය කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් මෙරට ගෙවුම් ශේෂය තව දුරටත් ඉහල මට්ටමක පැවතීම සහ විනිමය පිළිබඳ විශ්වාසනීයත්වය බිඳී යෑම පිළිබඳ අවධානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලඅවධානය යොමු කර ඇත.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් අනතුරුව මෙරට ආර්ථිකය යලිත් ප්‍රකෘති තත්ත්වයට පැමිණෙමින් පවතින බවයි එම අරමුදලේ විධායක කමිටුව සිදුකළ සමාලෝචනයකදී අනාවරණය වී ඇත්තේ.

සංචාරකයින්ගේ පැමිණීම සහ අනෙකුත් අංශයන් යළි ස්ථාවර වෙමින් පවතින බැවින් ලබන වසර වන විට ආර්ථික වර්ධනය සියයට 3 යි දශම 5ක් දක්වාවර්ධනය වනු ඇති බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත.

දීර්ඝකාලීන ණය පහසුකම යටතේ අමෙරිකානු ඩොලර් බිලියන එකයි දශම තුනයි එකක් ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2016 වසරේ ජුනි 3 වනදා සිය එකඟතාව පල කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More