දේශීය පුවත්

ළමුන්ගේ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් නිසිලෙස කටයුතු කර නොමැති ඌව පළාතේ සියළු උපකාරක පන්ති වහාම තහනම් කොට ඒවායෙහි හිමිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඌව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා ඌව පළාතේ පළාත් පාලන කොමසාරිස්වරයාට නියෝග කර තිබේ.

ඌව පළාත තුළ මේ වන විට නැවතත් හිස ඔසවමින් පවතින ඩෙංගු රෝගය පිටුදැකීම උදෙසා ආණ්ඩුකාරවරයාගේ මූලිකත්වයෙන් ගෙනයන වැඩ පිළිවෙල යටතේ මෙම තීරණය ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් ඌව පළාත් පාලන කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමුකරමින් ආණ්ඩුකාරවරයා සඳහන් කොට ඇත්තේ ඌව වෙල්ලස්සේ අනාගතය උදෙසා සෞඛ්‍ය සම්පන්න දරු දැරියන් පිරිසක් බිහි කරලීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම, ඌව පළාතේ ආණ්ඩුකාරවරයා වශයෙන් තමන්ට පැවරී ඇති පැහැර හැරිය නොහැකි වගකීමක් බැවින් එකී වගකීම මූලාශ්‍ර කර ගනිමින්, අදාළ ක්‍රියාමාර්ගයන් කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ නියමුවා ලෙස තමන් විසින් පළාත් පාලන කොමසාරිස්වරයා පත් කරන බවයි.

එසේම ඌව පළාතේ පාසල් සිසු සිසුවියන් ගණන 2,86,414 ක් පමණ වන අතර ඉන් සියයට 90 ක් පමණම උපකාරක පන්තිවලට හෝ උසස් අධ්‍යාපනය සඳහා සහභාගි වන බවත් එසේ ළමුන් විශාල වශයෙන් එක් රොක් වන ස්ථානවල සනීපාරක්ෂක කටයුතු හා සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳව සෑහීමකට පත්විය යුතු බැවින් වහාම එම ස්ථාන හදිසි වැටලීම් සිදුකොට ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කරන ලෙසත් ආණ්ඩුකාරවරයා දන්වා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More