දේශීය පුවත්

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන්  ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීමට නිසි සැලැස්මක් ඇතැයි ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

හලාවත නගරයේදී පැවැති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සහාභාගීවූ තවත් ජනරැළියක් ඊයේ(31) පස්වරුවේ හලාවත නගරයේදී පැවැත්විය.

රටක් දියුණු වීමට නම් මහජන ආරක්ෂාව, ජාතික සමගිය, නීතිය සාධාරණ ලෙස ක්‍රියාත්මක වීම  හා වංචාවෙන් දුෂණයෙන් තොර පාලනයක් අවශ්‍ය බව පැවසු අනුර කුමාර මහතා, මෙය රට ගොඩනගන අත්තිකාරම බවත් කියා සිටියේය.

ඒ කුළුණු තුන මත ශ්‍රී ලංකාව යන රට ගොඩනැඟීමේ වගකීම තමා බාර ගන්නා බවත් පැවසු ඒ මහතා, අවශ්‍යතාවය ඇත්නම් මුදල් හොයා ගත හැකි බවත් පැවසු ඒ මහතා, කිසිවෙකුට සල්ලි නැතැයි බිය විය යුතු නැතැයි ද පැවසීය.

අපි මුදල් හොයා ගන්නා බවත්, ඔවුන්ට ලක්ෂ 10 ක් යන වැඩක් තමා ලක්ෂ 5 කින් සිදු කරන බවත් පැවසු අනුර කුමාර මහතා, ඔවුන්ට තරම් මුදල් අවශ්‍ය නැතැයි ද කියා සිටියේය.

වැඩේ කරන්න අයද තමා සතු බව පැවසු අනුර කුමාර මහතා, තමා අන් සියලු දෙනාට වඩා හොඳින් ඇමතිකම් දැරූ අය බවත් පැවසිය.

තමා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දරන කාලයේ, එක අමාත්‍යාංශයක් යටතේ පැවති බවත් පසුව එය 13 දෙනෙකු යටතේ තිබු බවත් ඔවුන් 13 ක් කරන වැඩ අපි තනියම කරපු මිනිසුන් බවත් අනුර කුමාර මහතා මෙහිදී කියා සිටියේය.

ජනතාවගේ වේදනාව හදපතුලෙන්ම විඳපු මිනිසුන් බවත් කියා සිටි අනුර කුමාර මහතා,එනිසා අපට පමණයි මේ රට හැඳිය හැක්කේ යනුවෙන් ද අනුර කුමාර මහතා මෙහිදි පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More