දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණයේදී අවංකභාවයට මුල් තැන දෙමින් සියලු ජනතාවගේ අයිතීන් හා නිදහස සුරක්ෂිත කරනා ප්‍රජාතන්ත්‍රික අයිතීන් සුරකින සහ රටේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් කැපවෙමින් සියලු දෙනා සමග ඒකාග්‍රතාවයෙන් සේවය කළ හැකි සුදුසු අපේක්ෂකයෙකු තෝරා ගැනීම සඳහා බුද්ධිමත්ව සහ ධෛර්යවත්ව තීන්දු තීරණ ගන්නා ලෙසට ශ්‍රී ලංකා කතෝලික අගරදගුරු සම්මේලනය සියලු රටවැසියන්ගේ අවධානය යොමු කර සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා කතෝලික අගරදගුරු සංගමය සඳහන් කරන්නේ ජනාධිපතිවරයා පක්ෂ දේශපාලනය අභිබවා යා යුතු බවයි.

පාස්කු ඉරුදින සිදුවූ කුරිරු ප්‍රහාරයෙන් විපතට පත් අහිංසක ජනතාව සිහිපත් කරමින් ආගමික අන්තවාදය සහ ජාතිවාදය මුලිනුපුටා දමා රටේ සියලු ආගම් හා ජාතින් අතර සාමකාමී සහජීවනය ඇතිකරලීමට කටයුතු කරන ලෙස මෙහිදී ශ්‍රී ලංකා අගරදගුරු සංගමය සියලුම නායකයින්ගෙන් ඉල්ලා සිටියි.

අනාගත ජනාධිපතිවරයා ඇතුළු රජය ආගමික නිදහස, ජාතික ආරක්ෂාව, සෞඛ්‍ය, අධ්‍යාපනය, ආර්ථික සංවර්ධනය, රටේ තිරසාර සංවර්ධනය සඳහා අනාගත පරපුර වෙනුවෙන් ස්වභාවික සම්පත් මානව කළමනාකරණය කිරීමේ වගකීම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තින් සකසනු ඇති බවට බලාපොරොත්තුවන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More