දේශීය පුවත්

අමෙරිකාව සමඟ එළඹීමට නියමිත මිලේනියම් චැලේන්ජ් ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් සිය ස්ථාවරය ප්‍රකාශ කළ යුතු බව පූජ්‍ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි.

මව්බිමේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ‘STOP USA’ නමින් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

ප්‍රවෘත්ති සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාද එක්ව සිටියේය.

එහිදී අදහස් දැක්වු පූජ්‍ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පල කළේ මෙවන් අදහසකි.

“ඩොලර් මිලියන 80ක් සඳහා කොළඹ වරායේ සිට ත්‍රිකුණාමල වරාය දක්වා අක්කර දොළොස්ලක්ෂයක් අන්තර්ගත වන සීගිරිය දඹුල් පවා ඇතුළත් වන කොටසක් තමයි අමෙරිකාවට පාවා දීමට තීරණය කරලා තියෙන්නේ.

රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර ඇතුළු අමාත්‍යවරු වගේම ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ විරෝධය පැහැදිලි ලෙස සඳහන් කර මෙය වැළැක්විය යුතුයි.

අනෙක් පැත්තෙන් මේ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම ස්ථිර ප්‍රකාශයක් කළ යුතුයි.

හේතුව මේක නතර කරලා එයාලා ආවට පස්සේ මේක නැවත ක්‍රියාත්මක කරන්න එහෙම නෙවෙයි නතර කරන්නේ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More