දේශීය පුවත්

MCC ප්‍රදාන ආධාර ගිවිසුමට රජයේ සහ ජනතාවගේ සහයෝගය ඇති බව සහතික කරගැනීම සඳහා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනයට පාර්ලිමේන්තුවේ අනුමතිය අවශ්‍ය බව කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ, මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ඇනෙකුත් සියලුම හවුල්කාර රටවල ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තියට අනුකූලව, ප්‍රදාන ආධාර ගිවිසුම අත්සන් කළ පසු, ශ්‍රී ලංකා රජය එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට යවනු ඇති බවයි.

එවිට ගිවිසුම සමාලෝචනය කිරීමට පාර්ලිමේන්තුවට ප්‍රමාණවත් අවස්ථාවක් ලැබෙනු ඇති බවද තානාපති කාර්යාල ප්‍රකාශයේ දැක්වෙයි.

එම සමලෝචන කාලය තුළ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට සහ ප්‍රවාහන සහ ඉඩම් පරිපාලනය වැඩිදියුණු කිරීම සඳහා සැලසුම් සකස් කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරනු ඇති බවද තානාපති කාර්යාලය කියයි.

මෙම ප්‍රදාන ආධාර ගිවිසුම මගින් ශ්‍රී ලාංකිකයන් මිලියන 11කට අධික පිරිසකට සෘජු ප්‍රතිලාභ ලැබෙන බවත්, ආර්ථික වර්ධනය අර්ථවත් ලෙස උත්තේජනය කරනු ඇති බවද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.



2 thoughts on “MCC ගිවිසුමට රජයේ හා ජනතා සහාය සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ඕනෑ – ඇමෙරිකාව ආණ්ඩුවට දන්වයි”

  1. How Sri Lankans get benefits from this agreement?
    They can sell their land to America, enjoy sometime till spend all the money and then got o the pavement…….!

  2. ප්‍රජාතන්ත්‍ර වීරෝධී ලෙස බලෙන් අපේ ඇගේ ගහන්න එන ගිවිසුම් ගැන හරිනම් හැම පළාතකම මහ ජනතාව, සිවිල් සහ ආගමික සංවිධාන, ලිකිතව, අත්සන් සහිතව තමන්ගේ විරෝධතාව ඇමරිකානු තානාපති කාර්යාලයට දන්වන්න ඕන. තරුණ පරපුර අන්තර්ජාලයේ ඒ සදහා දැවැන්ත විරෝධතා හඩක් නගන්න ඕන.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More