දේශීය පුවත්

ප්‍රභාකරන් අවුරුදු 30ක් යුද්ධ කරලා රටට අහිමි කරන්න හැදුවෙ රටෙන් 1/3ක් බවත්. රනිල් අවුරුදු හතරහමාරක් ආණ්ඩු කරලා මිලේනියම් චැලේන්ජ් ගිවිසුම හරහා මේ වනවිට රටෙන් 1/12 ක් අහිමි කර තිබෙන බව ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක සභාවේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.ඊයේ (31) රාජගිරියේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේබව පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ බැල්ලන්තුඩාව මහතා,

රනිල් වික්‍රමසිංහ යහපාලන ආණ්ඩුව තීරණාත්මක ජාතික මැතිවරණයකදි ජනතා මතය උරගා බලන මොහොතක MCC ගිවිසුම අත්සන් කරන්න කැබිනට් අනුමැතිය අරන් තියෙනවා. රටේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්ව තිබෙන මොහොතක රටේ අනාගතය සම්භන්ධයෙන් තීරණාත්මක තීන්දු ගැනිම කිසිසේත්ම සදාචාරාත්මක නෑ.

යන යකා කොරහා බිඳගෙන යනවා වගේ මේ අන්තිමේ මොහොතේ රනිල්- චන්ද්‍රිකා- මංගල නඩය කරන්නේ , 2015 දි ඔවුන් බලයට පත් කරන්න පස්සෙන් තල්ලුව දාපු ඇමරිකා එක්සත් ජනපදයේ වුවමනාව ඉෂ්ඨ කරන්න.

එක පැත්තකින් 30/01 ජිනිවා යෝජනාවට අත උස්සලා රටත් රණවිරුවාත් පාවාදීලා අපේ දේශපාලන නිදහස උගක් කළා. අනෙක් පැත්තෙන් ඇක්සා , මිලේනියම් චැලේන්ජ් හා සෝෆා ගිවිසුම් හරහා රටේ ආර්ථික හා දේශපාලන ස්වෛරිත්වය එක්සත් ජනපදයට විකුණලා. මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අනුව ත්‍රිකුණාමලය ඉඳලා කොළඹට අක්කර ලක්ෂ 12ක් ඇමරිකානු නීතියට යටත් වෙනවා. ප්‍රභාකරන්ට ගහන්න බැරි වෙච්ච මායිම රනිල් වික්‍රමසිංහ විදුලි වැටකින් බෙදලා ඇමරිකාවට දෙනවා. අමතක කරන්න එපා අවුරුදු 30 ක් ත්‍රස්තවාදය පතුරපු ප්‍රභාකරන් අල්ලන් හිටියේ රටෙන් 1/3 යි. මේ අවුරුදු හතර හමාරට රනිල් රටෙන් 1/12 ක් ඒ කියන්නේ වර්ග කිලෝමීටර් 65610න් 5000ක් මේ ගිවිසුම මගින් ඇමරිකාවට දෙනවා.

තමන්ගේ පුද්ගලික දේපලක් වගේ රට පවා දෙන තීන්දු ගැනීමට රනිල්ට මංගලට අයිතියක් නෑ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් කතෝලික බැතිමතුන් හා සියලු ශ්‍රි ලාංකිකයෝ හඬා වැලපෙන කොට රනිල්ලා මංගලා ඇමරිකාවට රට විකුණලා ඩොලර් මිලියන 450 ක් උදම් ඇනුවා.

මේ ජනාධිපතිවරණයේදි තීරණාත්මක ජාතික ආරක්ෂාව. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ඉතා පැහැදිලිව කියලා තියෙනවා මේ ගිවිසුම් අත්සන් කිරිමේදි ආරක්ෂක අමාත්‍යාංශයේන් කිසිම විමසීමක් කළේ නෑ කියලා. ඔහු කියන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශය හදිස්සියෙම අත්සන් කරන ගිවිසුම් වලින් රටේ ආරක්ෂාව හෑල්ලුවට ලක්වෙනවා. රනිල්ටයි මංගලටයි ඇමරිකාවට කෘතගුණ සැලකීම හැර වෙන කිසිවක් අවශ්‍ය නෑ.

ඒ නිසා මේ ජනාධිපතිවරණයේදි රටේ ජාතික ආරක්ෂාව විකුණන් කාපු 2015 යහපාලන නඩය ,බටහිර බලවේග හා දෙමළ ඩයස්පෝරාව එක මිටට තියලා පරාජයට පත් කරන්න වේදිකාවක් කර ගන්න ඕනා. ඒක සියලු දේශප්‍රේමින්ගේ ජාතික වගකීමක්.

මෙම මාධ්‍යහමුවේදී ගෝලීය ශ්‍රී ලාජකික සංසදයේ විධායක සභාව නියෝජනය කරමින් දසරත් ජයසූරිය මහතාද අදහස් පළ කළේය.



2 thoughts on “ප්‍රභාකරන් අවුරුදු 30ට රටෙන් 1/3යි. රනිල් හතරහමාරට රටෙන් 1/12 ක් අහිමි කළා (Video)”

  1. MCC ගිවිසුම ගැහුවම රටම ඇමරිකාව අතේ තියේවි. මේ රටට රිංග ගත්ත කිසිම විදේශික ජාතියක් ලේසියෙන් දාල ගියේ නෑ.
    මතකයිනේ මුලින්ම ගෙරි හමක ඉඩක් ලබාගෙන ආව පෘතුගීසි කාරයෝ ගැන. බටහිර අය ඔය ගිවිසුම් වලින් රටවල් අල්ලන්න කප්පිත්තෝ.
    සුමන්තිරන්ලා හිතනවා ඇති ඒ ගොල්ලන්ට උතුර තියාගන්න පුළුවන් කියල දකුණ පාවල දීල. නමුත් අන්තිමට මුළු රටම ගිලගෙන මිසක් ඇමරිකාව නතර වෙන්නේ නෑ.

    BTW Sirisena has no redemption now.
    මේ කාලකන්නියට එකම එක දෙයයි කරන්න තිබුනේ රට වෙනුවෙන්. ඒකවත් කරන්න බැරි වුනා.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More