Uncategorized

තම පාලනයක් යටතේ වෘත්තිකයින්ගෙන් පිට කිසිදු පුද්ගලයෙකුට රාජ්‍ය ආයතනවල තනතුරු ලබා නොදෙන බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ මහරගම පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

සාර්ථක දැක්මක් වැඩකරන රටක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයතහවුරු කරන ජනරැලි මාලාවේ තවත් රැලියක් ඊයේ පස්වරුවේ මහරගම නගර මධ්‍යයේදී පැවැත්වුණි.

මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් තවත් රැලියක් අද පස්වරුවේ පැවැත්වුණේ රාජගිරිය ගුවන් පාලම අසලදීයි.

මේ අතර පුත්තලම අරුවක්කාරු කසළ අංගනය සම්බන්ධයෙන් සිය ගැටලු ඉදිරිපත් කිරීමට එම ප්‍රෙද්ශයේ ආගමික පූජ්‍ය පක්ෂය සහ සිවිල් සංවිධාන නියෝජිතයන් අද ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණි.

ඒ නුගේගොඩ මිරිහානේ පිහිටි ඔහුගේ කාර්යාලයේදීයි.

ඒ අතර සිය මැතිවරණ ව්‍යාපාරය කාබන් නිශ්ක්‍රීය මැතිවරණ ව්‍යාපාරයක් බවට පත්කිරීමේ අරමුණින් තම ජනරැලි වල විමෝචනය වන කාබන්ඩයොක්සයිඩ් වායුව හිලවු කිරිමට අවශ්‍ය පමණ පැළ සිටුවීම කෙරෙහි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී ඇත.

ඒ අනුව ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ  සහභාගිත්වයෙන් එය දිරිගැන්වීමක් වශයෙන් පැළයක් සිටුවීම අද සිදු කෙරුණ්.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More