දේශීය පුවත්

ඇමරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් මණ්ඩලය තින්දුවක් ගෙන ඇති බවත්  එම ගිවිසුම ජනාධිපතිරණයට පෙර අත්සන් කිරීමට පියවර ගන්නා බවටත් අගමැතිවරයා මාධ්‍යට ප්‍රකාශ කර සිටි බවත් එය නිතීවිරෝධි බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඔහු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර  සිටියේ ජනාධිපතිවරණයට තව ඇත්තේ සති දෙකක් වැනි කාලයක් බවත් එවැනි  තීරණාත්මක මැතිවරණයකට දින ගණනක් තිබියදී විදෙස් රටක් සමග ආණ්ඩුව කඩිමුඩියේ ගිවිසුමකට එළඹිය යුතු නැති බවත්  තරයේ ප්‍රකාශ කරන බවත් විපක්ෂනායකවරයා වැඩිදුරටත් සඳහන් කරයි. එවැනි ගිවිසුමක් ලංකා ආණ්ඩුව අත්සන් කරනවානම් එය සිදුවිය යුත්තේ ජනාධිපතිවරණයෙන් පසුව බවයි එහි සඳහන් වන්නේ.

මෙකී ගිවිසුමේ අන්තර්ගතය කුමක්දැයි රටේ ජනතාව තබා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වත් දන්නේ නැති බැවින් මෙවැනි  ගිවිසුම අත්සන් කිරීමට පෙර එහි පිටපත ජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධියට පත් කළ යුතු බවත්, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ලක් කළ යුතු බවත් දැඩිව ප්‍රකාශ කරන බවත් ඔහු සඳහන් කරයි.

මේ යෝජිත ගිවිසුම මහාමාර්ග සංවර්ධනයට හා ඉඩම් ප්‍රතිසංස්කරණයට අදාළ  එකක් බව කියා සිටියද එයින් හරියටම සිදුවන්නේ කුමක්ද යන්න ආණ්ඩුව ජනතාවට පැහැදිලි කර නැති බවත් මෙයින් ලංකාවට සෙතක් සැලසෙන්නේ නම්, මේ සම්බන්ධයෙන් මෙතරම් රහස්‍ය බවක් පවත්වාගෙන යන්නේ කුමටද යන්න ගැන සාධාරණ  සැකයක් පවතින බවත්  සඳහන් කරයි.

ජනතාවට හොරෙන් හා පාර්ලිමේන්තුවට හොරෙන් මේ ගිවිසුම් කිසිසේත්ම අත්සන් නොකළ යුතු බවට රජයට දැඩිව බලපෑම් කරන බව එහි සඳහන්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More