විදේශ පුවත්

තම නායකයා මරුමුවට පත්වූ බවත් නව නායකයකු පත් කළ බවත් අයි.එස් හෙවත් ඉස්ලාමික් ස්ටේට් සංවිධානය අද (31) තහවුරු කළේය.

ටෙලිග්‍රෑම් පණිවුඩ සේවයේ අයි.එස්. සංවිධානයට සම්බන්ධිත ගිණුමක් මාර්ගයෙන් ඒ බව නිවේදනය කර තිබෙන අතර අබු ඊබ්‍රහීම් අල් හෂේමි අල් කුරාෂි අයි.එස්. සංවිධානයේ සහ ‘කලීෆාවේ’ නායකයා බව එමඟින් නිවේදනය කර තිබේ.

ඇමෙරිකානු හමුදා, වයඹ දිග සිරියාවේ මෙහෙයුමක් දියත් කරමින් පසුගිය සති අන්තයේදී අයි.එස්. නායකයා අල්ලා ගැනීමට උත්සාහ කළ අතර ඒ අවස්ථාවේදී සිය මරාගෙන මැරෙන බෝම්බ කබාය පුපුරුවා ගනිමින් අයි.එස්. නායකයා මරුමුවට පත්විය.

2014 වසරේදී අල් බැග්ඩෑඩි අන්තවාදී සංවිධානයක් වන අයි.එස්. සංවිධානයේ නායකයා ලෙස නම් කෙරුණු අතර එම සංවිධානය ඉරාකයේ සහ සිරියාවේ සිවිල් වැසියන් ජීවත්වන විශාල භූමි ප්‍රමාණයක් අල්ලාගනිමින් ඔවුන්ගේ පාලනය ස්ථාපිත කළේය.

මේ අතර ඇමෙරිකානු සහ කුර්දි හමුදා එක්ව ඔක්තෝබර් 27 වැනිදා කරන ලද ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී සිය සංවිධානයේ ප්‍රකාශකයා වූ අබු අල් හසන් අල් මුජහිර් මියගිය බව ද අයි.එස්. සංවිධානය හඬ පටයකින් තහවුරු කළේය. සෞදි ජාතිකයකු වූ හෙතෙම බැග්ඩෑඩිගෙන් පසු අයි.එස්. සංවිධානයේ නායකයා බවට පත්වනු ඇතැයි පැවැසුණි. ඔහුගේ මරණයත් සමඟ අබු ඊබ්‍රහීම් අල් හෂේමි අල් කුරාෂි හෙවත් අබ්දුල්ලා කර්දාෂ් අයි.එස්. සංවිධානයේ නායකයා ලෙසත් අබු හම්සා අල් කුරාෂි අයි.එස්. සංවිධානයේ නව ප්‍රකාශකයා ලෙසත් පත්ව තිබේ.

ඒ.එෆ්.පී. සහ රොයිටර්ස්



One thought on “තම නායකයා මියගිය බවට අයි.එස් සංවිධානය තහවුරු කරයි”

  1. කවදාවත් ත්‍රස්ත සංවිධානයක් තමන්ගේ නායකයා මැරුණා කියල ප්‍රසිද්දියේ පරාජය පිළිගන්නේ නෑ. ඒ මදිවට, දැන් අහවලයි අපේ නායකයා කියල කියන්නෙත් නෑ. ලංකාවේ පාස්කු ප්‍රහාරය සෑහෙන්න “පරක්කු වෙලා” පිළිගත්ත සංවිධානයමද මේ?
    අපට නම් පේන විදියට ලංකාවේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ගෙනියන බොරු ප්‍රචාරයක් ඔය.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More