දේශීය පුවත්

මෙරට දැඩි ආන්දෝලනයට ලක්වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ ව්‍යපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.

මෙම ගිවිසුම හරහා මෙරට භූමියෙන් 20%කට ආසන්න වන කොටසක ඇමෙරිකානු එක්සත් ජනපද ආධාර මගින් ක්‍රියාත්මක වන ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කිරීමට නියමිතය.

මෙම ගිවිසුමේ අඩංගු කරුණු හේතුවෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට හා ඒකීයභාවයට හානියක් යැයි කියමින් එය අත්සන් කිරීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කිහිපවරකදීම ප්‍රතික්ෂේප කරනු ලැබීය.

මේ අතර ජනාධිපතිවරණයට පෙර මෙම ගිවිසුම අත්සන් කරන බවට අගමැති රනිල් වක්‍රමසිංහ මහතා විසින් කළ ප්‍රකාශයත් සමග අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් පියතුමන් නිවේදනයක් නිකුත් කර නිමින් සදහන්කර ඇත්තේ රටට අහිතකර මෙවැනි ගිවිසුමක් අත්සන් කරන්නේනම් රටේ සමස්ත පොදු මහජනයා ජනතාවගේ අනුමැතියද අවශ්‍ය බවය.

මැතිවරණයක් ප්‍රකාශයට පත්කොට ඇති මෙවන් මොහොතක මෙම ගිවිසුම අත්සන් කිරීමට යුහුසුලු නොවී ඉදිරියේදී මේ සම්බන්ධව තීරණයක් ගැනීම සදහා කටයුතු කරන ලෙස උන්වහන්සේ එම නිවේදනය මගින් අවධාරනය කර ඇත.



One thought on “MCC ගිවිසුම අත්සන් කිරීමට එරෙහිව කාදිනල් හිමිගේ විරෝධය”

  1. I greatly appreciated President Maithreepala Sirisena’s decision & hats off you to sir. Thank you very much his emminence Malcolm Ranjith Cardinal for represening the whole nation.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More