දේශීය පුවත්

එක්සත් ජාතික පෙරමුණ සමග හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට නියමිතය.

හෙට පෙරවරුවේ කොළඹ දී එම කටයුත්ත සිදුකිරීමට නියමිතව තිබේ.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර මෙම ගිවිසුමට අත්සන් තැබෙන බවයි දේශපාලන ආරංචි සඳහන් කළේය.

එමෙන්ම මෙම අවස්ථාවට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගී වීමට නියමිත බවත්, එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් ඇතුලු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සමුලුවක් පැවැත්වීමටද මේ වන විට කටයුතු සංවිධාන කර තිබේ.

එම සමුලුව ලබන 5 වනදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවත්, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික ඡන්ද දස ලක්ෂයක් සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදීම මෙම ව්‍යායාමයේ අපේක්ෂාව වී ඇති බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ නියෝජිතයෙකු ප්‍රකාශ කළේය.



One thought on “ගිවිසුමකට අත්සන් තබමින් චන්ද්‍රිකා සජිත්ගේ කඳවුරට”

  1. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික ඡන්ද දස ලක්ෂයක් ???????????????????

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More