දේශීය පුවත්

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්ස් ගිවිසුම අත්සන් කිරීම නොවැම්බර් 16 වැනිදාට පෙර සිදු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.

එම ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලබාදීම සම්බන්ධව විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (31දා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා මුණගැසිණි.

ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රතන හිමියෝ, ජනාධිපතිවරයා විසින් ඒ මොහොතේදීම මංගල සමරවීර අමාත්‍යවරයා වෙත දුරකථන ඇමතුමක් ලබාදුන් බවත්, මෙම ගිවිසුම ඉදිරි දිනකදී අත්සන් කරන්නේදැයි විමසූ අතර, එම ගිවිසුම කිසිදු ලෙසකින් මැතිවරණ කාලසීමාව තුළ අත්සන් නොකරන ලෙස ජනාධිපතිවරයා පැවසූ බවත් පවසා සිටියහ.

ජනාධිපතිවරයා විසින් මේ සඳහා අනුමැතිය ලබාදී ඇත්තේ එම ගිවිසුම මැතිවරණ කාලසීමාව තුළදී අත්සන් නොකරන බවට පොරොන්දු කරවා ගනිමින් යැයි ජනාධිපතිවරයා පැවසූ බවද රතන හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ විමල් විරවංශ මන්ත්‍රීවරයා හා උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පවසා සිටියේ, තවත් සති දෙකකින් පසු මෙරට බලයට පැමිණෙන්නේ ඔවුන්ගේ ආණ්ඩුවක් බැවින් එවිට මෙවැනි ගිවිසුම්වලට කිසිදු ඉඩක් නොමැති බවයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More