දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 17 ක් එක්ව අද නව සන්ධානයක් ගොඩනැගීම සඳහා වන ගිවිසුමකට අස්සන් තැබුවේය.

ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ ඉදිරි සෑම මැතිවරණයකටම ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස නම්කර ඇති මෙම නව සන්ධානය යටතේ තරග කරන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 17ක් එක්ව ආරම්භ කෙරුණු ශ්‍රී ලංකා නිදහස් පොදුජන  සන්ධානයට අස්සන් තැබීමේ උත්සවය අද පැවැත්වුණේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදි සන්ධානගතව පක්ෂ නායකයින් ගිවිසුමට අස්සන් තැබු අතර පසුව එය පක්ෂ ලේකම්වරුන් වෙත ලබා දුන්නේය.

අනතුරුව පක්ෂ නායකයින් ඇතුළු සියලුදෙනා එළඹෙන මැතිවරණය වෙනුවෙන් ප්‍රතිඥාවක්ද ලබාදීමද සිදුකෙරුණි.

එම අවස්ථාවේ අදහස් දැක්වු ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ ලංකාවේ ඇතිවුණු විශාලතම සන්ධානය මෙය වන බවයි.

පක්ෂ 17ක් වුවද සියල්ලන්ම එක් පොදු අරමුණක් වෙනුවෙන් එක්වී සිටින බවත් එනම් “මව්බිමට ආදරය කරන” පක්ෂ මෙසේ සන්ධානගතව ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

එසේම ජයග්‍රහණයෙන් පසුව තම ධුර කාලය ඇතුළත සියලු ජනතා බලාපොරොත්තු ඉටු කරගැනීමට සියලු පක්ෂවල සහයෝගය බලාපොරොත්තු වන බවත් ඒ මහතා පැවසීය.

පාර්ලිමේන්තුව මෙන්ම ප්‍රාදේශීය සභා, පළාත් සභාවල සහයද ඉතාමත් වැදගත් බවත් එක් සන්ධානයක් ලෙස ඉදිරියේ දී සියලු මැතිවරණවලදී ජනතාවට මුහුණ දීමට කටයුතු කරන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේය.

එසේම මෙම සියලු පක්ෂවල සහය ඇතිව සියයට 56ක් ඉදිරියෙන් සිට මෙම මැතිවරණයට මුලපිරීම සිදුවන බවත් සියලුදෙනාම මේ වන විට ජනාධිපතිවරණය ජයගන්නේ කවුදැයි තීරණයකට පැමිණ ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට අයත් පක්ෂ 17 පහතින් දැක්වෙයි.

-ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

-ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

-මහජන එක්සත් පෙරමුණ

-ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂය

-ලංකා සමසමාජ පක්ෂය

-ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ

-ජාතික නිදහස් පෙරමුණ

-පිවිතුරු හෙළ උරුමය

-ඊළම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ( EPDP)

-ලංකා කම්කරු කොංග්‍රසය

-විජයධරණී ජාතික සභාව

-ජාතික කොංග්‍රසය

-ශ්‍රී ලංකා මහජන පක්ෂය

-දේශ විමුක්ති ජනතා පක්ෂය

-තමිල මහජන විමුක්ති සන්ධානය (TMVP)

-එක්සත් මහජන පක්ෂය

-මුත්පොකුත් තමිල් කච්චි (MTK))



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More