දේශීය පුවත්

ඒකීය ශ්‍රී ලංකාවක් තුළ උපරිම බලය බෙදීමකට යන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

ඔහුගේ කතාව කෙටියෙන්

සැබෑ සෛවරී මාතෘභූමියක් නිර්මාණය කරනවා.

පාලකයින් තාවකාලික භාරකරුවන් ලෙස පාලකයින් නොව ජනතා සේවකයෙන් ලෙස පොදුජනතාව ඉදිරියේ පයට පෑගෙන දූවිල්ලක් සේ නිහතමානීව දස රාජ ධර්මයෙන් කටයුතු කළ යුතුයි.

සර්ව සාධාරණ ජන සමාජයක්, විශිෂ්ඨ සංවර්ධන ක්‍රියාදාමයන් සිවිල් මානව අයිතිවාසිකම් පමණක් නොව ආර්ථික සමාජීය සංස්කෘතික අයිතිවාසිකම් වලට ප්‍රමුඛත්වය ලබාදෙන යුගයක් නිර්මාණය කරනවා.

පුරවැසියාට හිමි වරප්‍රසාද පාලකයන් තමන්ගේ සුඛවිහරණයට යොදාගත් යුගය අපි අවසන් කළා. අපේ ඉදිරි ගමන තුළ පරාර්ථකාමී ජනතා යුගයක්, සීඝ්‍ර සංවර්ධන මාවතක්, ජනතාව වෙනුවෙන් උනන්දුවෙන් කටයුතු කළ යුතුයි.

සංස්කෘතිය සභ්‍යත්වය අප අමතක කරන්නේ නෑ. අපි ශක්තිමත් දේශයක් ගොඩනගනවා.

යොවුන් පරපුරට අනාගතය භාර දෙන්න ඕන. මතුපරපුරට සුරක්ෂිතභාවයක් අපි තහවුරු කරගන්න ඕන.

රටක් පෝෂණය වන්නේ උපදවන ආදායම තුළින්. රටේ සම්පත් ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් ආයෝජනය කළ යුතුයි.

රටේ පාලකයින් මේ රටේ බදු මුදල් වලින් අතිශය පෝෂණයක් ලැබූ යුගය අපි අවසන් කළා.

පාලකයින්ගේ වගකීම කාර්යශූරව ඉටු කළ යුතුයි.

දූෂණය වංචාව ප්‍රභලව පිටු දැකිය යුතුයි.

ශ්‍රී ලාංකේය අනන්‍යතාව ගොඩ නැගෙන ආකාරයට නව වැඩපිළිවෙලක් අපි දියත් කරනවා.

ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම ගැන මා හට අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. ජාතික ආරක්ෂාව වෙනුවෙන් ප්‍රභලතම යාන්ත්‍රණයක් අපි ක්‍රියාත්මක කරනවා.

ත්‍රස්තවාදය පරාජය කළ සියලුම සෙන්පතියන් ජාතික ආරක්ෂාවේ වගකීම වෙනුවෙන් භාර කරනවා.

මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම සහමුලින්ම අවසන් කරනවා.

සියලුම ආගම්වලට ජාතීන්වලට සුරක්ෂිත තාව ඇතිකරනවා.

කිසිම අන්තවාදයකට ඉඩක් නෑ.

ඒකීය ශ්‍රී ලංකාව තුළ උපරිම බලය බෙදීමක් ක්‍රියාත්මක කරනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More